මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ…

October 6, 2020 at 12:00 pm | lanka C news
මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ…

මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත.

මාතලේ මහවෙල පදිංචි පනස් හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි.

මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ.

මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයකු මෙසේ ව ආසාදනය වී ඇතැයි හඳුනාගත් බවයි.

පසුගිය 04 වැනිදා නිවාඩු ලබා නිවසට පැමිණි මහඔය ඉද්දපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙසේ ආසාදිත යැයි තහවුරු කර දී ඇත.

රෝග ලක්ෂණ මතු වීම පසු රෝහල් ගත කර ඇයට සිදු කළ පරීක්ෂණවලදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

56,477 views

3 Comments to “මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ…”

  1. උඩවත්ත - ලන්ඩන් says:

    මෙම රජය පත් කිරීමට දැඩි වෙහෙසක් දැරෑ වියත්මගට සහය දුන් අපිට දැන් රෙදි ඇදගෙන පාරෙ යන්නත් බෑ.
    මෙම රජයට තිබුණ එකම ධනාත්මක සාධකය කෝවිඩ් පාලනය කිරීමයි.
    දැන් එයත් අසාර්ථකව ඇත.

  2. විප්ලවවාදී රතු තරුණ බලකාය says:

    වහාම ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමු…!!! ඉන්දියානු වෙබ් අඩවි පවා මෙරටට දර්ශනය වීම වලකනු !!! සියළු හින්දි , දමඉළ චිත්‍රට විකාශය සහ වෙළඳාම නවතනු. හිංදි ගීත , චිත්‍රපට , ටෙලි නාට්‍යය පෙන්වීම වහාම තහනම් කරනු !!! ඉන්දියානු වානර සමාගම් මෙරටින් අතු ගා දමව් !!!

Main News