මාතලේ දෙදෙනෙකුට කොරෝනා..

May 7, 2020 at 12:40 pm | lanka C news
මාතලේ දෙදෙනෙකුට කොරෝනා..

මාතලේ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සෙබළකුගේ මවට සහ පියාට ද වෛරසය ආසාදන වී තිබේ.

යටවත්ත සැලගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වූ බව තහවුරු වූයේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

ආසාදිත හමුදා සෙබලා තම නිවසේ දෙමාපියන් සමඟ රැඳී සිට ඇති නිසා වෛරස ආසාදන වී ඇති බවත් ඔවුන් ඉරණවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහු සඳහන් කළේය.

471 views

2 Comments to “මාතලේ දෙදෙනෙකුට කොරෝනා..”

  1. පොඩි බබා says:

    නේවි අන්කල් ලට මල් තියලා වදින්න ඕන. ඒ ගොල්ල්ලො හින්දා පොඩ්ඩක් මේක ඇදගන්න පුළුවන් උනා. නැත්නම් මහින්ද මාමායි ජනධිපති මාමයි හැදුවේ කොහොම හරි ඉක්මනට ඇඳිරි නීති අයින් කරලා චන්දෙ තියන්න. එව්වා කොහෙද දැන් . එහෙම උනොත් අපිට ඉක්මනට ම ඉස්කෝලේ යන්න වෙනවා. හප්පෝ.. මට අපේ ටීචර් ව පෙන්න බැහැ. උදේ ඉඳන්ම කරන්නේ උගන්නන්නේ නැතුව ආණ්ඩුවේ නලාව පිබිණ එක..හරියට එයාගේ මහත්තයා අගමැතිගේ මල්ලි වගේ..