මාතලේ නගරාධිපතිගේ ධුරය අත්හිටුවයි..
August 27, 2020 at 10:00 am | lanka C news
වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩන්ජිත් අලු විහාරේ මහතාගේ ධුරය අත්හිටුවා තිබේ.
මාතලේ නගරාධිපතිරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා කොමිසමක් ද පත් කිරීමට නියම කටයුතු කර තිබේ.
boru chodana nam gonukarai
ෂුවර් එකටම පුරාවස්තුවක් විනාශ කරලා ඇති.
අලුවිහාරේලා මාතලේ කැවා. තාත්තාලා පුතාලා පට්ටම හොරු,
මම උපන්නේ මාතලේ අවුරුදු 29 මාතලේ ජීවත් උනෙ මි. උපන් දා සිටම දැක ඇත්තේ unp අලුවිහාරේ ලා මාතලේ පාලනය කරන හැටිය. පිළිවෙලින් තාත්තා (ඇලික් අලුවිහාරේ) ඊට පිටුපසින් වසන්ත අලුවිහාරේ, ඩල්ගීත් අලුවිහාරේ .පාර්ලිමේන්තුවේ, පලත්සබවේ, නගරසබවේ හැමවිටම සිටියේය.
හැබැයි මාතලේ ට කල දෙයක් නැත. ටවුන් එකට , බර්නර්ඩ් අලුවිහාරේ පිට්ටනියට , ගියවිට මෙය හොදට තේරෙයි. මේ කාලකන්නි පවුලෙන් මාතලේ බේරා ගන්න කාලය පැමිණ ඇත .
ඊට අමතරව අනික් ප්‍රදාන පක්ෂයෙන් හිටපු එවුන්ද මාතලේ ට කලදෙයක් නැත. කාලෙන් කාලෙට මිනිස්සුන් ගේ මුදල්(රටේ සල්ලි ) උලා කෑම පමණක් කර ඇත .