මාතලේ නගරාධිපති ඉවත් කිරීම නීති විරෝධීයි.. ආණ්ඩුකාරට බලයක් නෑ..

August 27, 2020 at 5:30 pm | lanka C news
මාතලේ නගරාධිපති ඉවත් කිරීම නීති විරෝධීයි.. ආණ්ඩුකාරට බලයක් නෑ..

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පුවත්පත් නිවේදනය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ ධුරයෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා මධ්‍යම පළාතේ ප්‍රඥප්ති ප්‍රකාර බලයක් ආණ්ඩුකාරවරයා වෙත නැත. ඔහු පැහැදිලි ලෙසම සිය බලය ඉක්මවමින් කටයුතු කර ඇත.

අද වන විට එජාපයට බලය හිමි වත්තල මාබෝල සහ ‘සෞභාගයේ දැක්ම‘ ආණ්ඩුවට බලය ඇති මාවනැල්ලේ ද මෙලෙසම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ආණ්ඩුකාරවරුන් විසින් ඉවත් කර ඇත. මෙයට විරුද්ව කටයුතු කිරීමට එජාපය විසින් පැහැර හැර තිබීම කණගාටුවට කරුණකි.

දේශපාලන උවමනාවන් මත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ගෙන ඇති අත්තනෝමතික හා නීති විරෝධී ක්‍රියාකලාපය පිළිබඳ මාගේ දැඩි විරෝධය පළ කරමි.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි

21,712 views

7 Comments to “මාතලේ නගරාධිපති ඉවත් කිරීම නීති විරෝධීයි.. ආණ්ඩුකාරට බලයක් නෑ..”

  1. ජෝෂ් සිටිනාමළුව says:

    මැරිච්ච මහ අලුවිහාරේ ඔක්කෝටම වැඩිය හොරා

  2. Helaya says:

    Gonjata kiwwanam antyge prasnaya visadavi

  3. sana says:

    ethakota upa nagaradhipathi chodana kala hora kam wancha….nithi wirodhi nadda ??

  4. 🤣🤣🤣😄😄😄 says:

    කේතලෙන් මල්ල කවිරත්නට හොඳටම රිදිලා
    සමගි ජනබලවේග හැඟුම් අලුවිහාරෙට දැනිලා
    ගිලෙන බෝට්ටුවෙ රුවල දැකලම උඩම බැලිලා
    අනේ අපි එජාපයට කලදේ කවිරත්නට හිතිලා

  5. චූටි මැණිකේ says:

    අලුවිහාරලා පට්ට හොරු

  6. nimalsiri says:

    mage sudu antyge prashnaya mama hondata visandalaa dennamko, gonjata wadaa hondatama.mama eka visandanne kavirathna antyge pukata mage polla daala hondata kalaththam kireemeni denaganilla.

  7. p.d goonawardena says:

    දෙන දෙයක් කාලා වෙන දෙයක් බලගෙන ඉන්න නoගි….

Main News