මාත් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. හොදට බැට් කරන්න පුළුවනි..- ක්‍රිකට් නිලවරනයට එන බත්තරමුල්ලේ සීලරතන හිමි..
February 25, 2021 at 3:00 pm | lanka C news
තමන් වහන්සේද හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් තමන්ට ද හොඳට පිතිකරණයේ යෙදීමට හැකි බවත් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සඳහන් කරති.
නමුත් තමන් වහන්සේ ක්‍රීඩා කරන්නේ කළේ සැහැල්ලු පන්දු මිස ලෙදර් පන්දු නොවන බවද උන්වහන්සේ පවසති.
මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට නාමයෝජනා දිම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටිති.
තමන් නිලවරණයට එන්නේ හොර ගුහාවක් වන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන් මුදා ගැනීමට බවත් දූෂණයට වංචාවට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ කියා සිටිති.
තමන් පසුපස විශාල කණ්ඩායමක් සිටිනා බවත් මෙසේ නිලවරණයට ඉදිරිපත් වන්නේ ඔවුන් සමග සාකච්ඡාවෙන් අනතුරුව පවසන උන්වහන්සේ පැවසූහ.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිමියෝ මෙම අදහස් පල කරන ලදී.
Yakooo wasi pattata hoyiya, mama hoda dagara pandu yawannek
niyama kapatitek
මේ වගේ ව්‍යාජ චීවරධාරීන් නිසා මිනිස්සු born again වගේ විකාර වලට අහුවෙනවා. පිං බත් ගිලින සල්ලි හොයන තනතුරු හොයන මෙවැනි පිංගුත්කරයෝ තමයි කවදාහරි බුද්ධ ශාසනය කන්නෙ, නැතුව හම්බයෝ නෙමෙයි.
මම දැකලා තියෙනවා සමහර ආරණ්‍යය වල සක්මන් මලුවේ ක්‍රිකට් ගහනවා; පිණ්ඩපාතෙට වඩින ගමන් කලින් දවසේ තිබුණු ක්‍රිකට් මැච් එකේ ලකුණු ගැන කතා කරනවා. ඉතින් මේ කලියුගයේ මේ වගේ පස්වග මහණුන් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
එදා සිද්ධාර්ථ ගෞතමයෝ රාජ්‍ය සම්පත් තූ කර උතුම් නිවනම පැතුවේ යම්සේද ඒ හේතුවෙන් උතුම් බුද්ධත්වයට පත්ව ලෞකික බැමි හලේ නැවත ඒ මාර්ගයේ යන කිසිවකුට ලෞකිකත්වය අරමුණු නොකරන්න උතුම් නිවනම අරමුණු කරන්න කියාය. එහෙයින් බුද්ධ චීවරය යනු හුදෙක් විළිවසා ගැනීමට අඳින ඇදුමක් නොවන බව එය දරා සිටින ඇතැම් චීවරධාරීන් වටහා ගත යුතුය. ඔවුන් ආර්යය මහා සංඝරත්නය නියෝජනය නොකරන බවද දායකයින් සහ අන් සියල්ලෝම දැනගත යුතුයි.
පලමු පන්දුව යැවීමට පෙර නමස්කාරය කියන්න පින්වතුනි
පලමු පන්දුව යැවීමට පෙර නමස්කාරය කියන්න පින්වත්නි