මාදුළුවාවේ සෝබිත හිමිට ඕන වුනේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නයි.. ඒත් සියලු දෙනා ජාත්‍යන්තරය සමඟ එක් වෙලා කලේ එක් පුද්ගලයකු ඉවත් කිරිමයි..- බැසිල්

March 31, 2018 at 4:40 pm | lanka C news
මාදුළුවාවේ සෝබිත හිමිට ඕන වුනේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නයි.. ඒත් සියලු දෙනා ජාත්‍යන්තරය සමඟ එක් වෙලා කලේ එක් පුද්ගලයකු ඉවත් කිරිමයි..- බැසිල්

“සෝභිත හාමුදුරුවන් ඒ ව්‍යාපරය පටන් ගත්තේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න මහින්ද මහත්තයා ඒක කලත් කමක් නැහ කියලයි උන්වහන්සේ ප්‍රකාශ කලේ. ඒ සාකච්ඡාවලට මුලින්ම ආරාධනා කලේත් ආණ්ඩුවත් එක්ක හිටපු පක්ෂවලට සමහර පක්ෂ ගිහින් සාකච්ඡා කලා එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සෝභිත හාමුදුරුවන් එවපු ලිපිය ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවේදි එවකට සිටි පක්ෂයේ ලේකම්තුමාගෙන් ‘කෝ අර එවපු ලියුම’ කියලා විමසූ බවත් එහිදි පක්ෂයේ ලේකම් ‘ඒ ලියුම ගේන්න අමතක වුනා’ කියා ඒ ගැන මග හැරියි යයි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලංකාදීප පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කොට ඇත.

එහිදි ප්‍රවීන මාධ්‍යවේදි සංජිව තෙන්නකෝන් පුවත්පත වෙනුවෙන් විමසා සිටියේ ඒ එදා පක්ෂයේ සිටි ලේකම් මෛත්‍රීපාල සිරිසේන නේද යන්නයි, එවිට බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ” ඔව් ඔව් උන්නැහේ තමයි, ඒ වෙනකොටත් මොකක් හරි අදහසක ඔහු ඉන්න ඇති යන්නයි.

.”ඇත්තටම අපි මේ අත් විදින්නේ ජනවාරි 8 වෙච්චි නස්පැත්තිය, කිසිම අදුරන්නේ නැති දර්ශනයක් නැති ජාත්‍යන්තරය ගොඩ නගපු මතවාදයක් උඩ එක් පුද්ගලයකු ඉවත් කිරීමේ චේතනාවෙන් කරපු ව්‍යාපතියක ප්‍රතිඵලයක් තමයි මේ.

ඒ අනුව එදා පුද්ගලයකු වෙනස් කරන්න තමයි මේ ඔක්කෝම කලේ, එහෙම වෙනස් කලාට පස්සේ යන්නේ කොහොමද කියලා වැඩපිළිවෙළක් නැහ, අඩුගානේ දින 100 ක ආණ්ඩුවෙන් පස්සේ 101 වෙනි දිනයේ ඉදලා කරන්නේ මොනවාද කියලා වැඩපිළිවෙළක් නැහ, ඒ අවුල තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ යෝජනාව හැකි ඉක්මනින් ජනතාව ඉදිරියට යා යුතුය, වෙන විකල්පයක් නැහ’ යයි හෙතෙම දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදි ප්‍රකාශ කොට ඇත.

73 views

11 Comments to “මාදුළුවාවේ සෝබිත හිමිට ඕන වුනේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නයි.. ඒත් සියලු දෙනා ජාත්‍යන්තරය සමඟ එක් වෙලා කලේ එක් පුද්ගලයකු ඉවත් කිරිමයි..- බැසිල්”

  1. daminda says:

    lipiyae thibuna dae patharenn dana gathae nadda….?

  2. Saman says:

    Vidayakaya thama sinhlaya ge raka varanaya
    Eya ahosi nokaranu. …..sobitha maha gonek ne

  3. Nim says:

    RATE BAHUTHARA JANATHAWA
    EDER I YATA AVITH MESA
    VENA KRAMAYAKIN ME PANDUWA ,
    DESAYE DROHEEN
    ALAWA DAMIYA NOHAKA.

  4. Buddhist says:

    Thakkadiyek aiyen karana eke waraddak newei ne?

    • victor says:

      පොඩ්ඩක් හදිස්සි වෙන්නෙ නැතුව ඉන්නවකො. හතරවෙනිදට අයින් කරන්න තමයි හදන්නෙ.

  5. අරුණ says:

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහොසිකරන්න සෝභිත හාමුදුරුවන්ට ඔනෑ වුනාට මහජනතාව වන අපිට ඕන වුනේ නෑනෙ…ඒක හොඳයි කියලා හිතුනා එකෙන් වැඩ ගත්ත මහින්ද ජනපතිතුමා දැක්කහම ….පස්සෙ තමයි තේරුනේ විධායක ජනාධිපතිකමට ගැලපෙන කෙනෙක් එතෙක් ඉඳලා නෑ කියලා…..විධායක ජනාධිපති කම අයින් කරන්න ඕනැ වුනේ ඇමරිකාවටයි ඉන්දියාවටයි….නැතුව රටේ මහජනතාවට නොවෙයි.

    • sayumi says:

      සහතික ඇත්ත අරුණ. දැන හෝ නොදැන විජාතික බලවේග වලට හසු වූ සෝභිත හාමුදුරුවන්ට ඕන වුනාට, මේ රටේ ජනතාවට ඕන කමක් තිබුනෙ නෑ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න.

    • krish says:

      Well said..

  6. Suba Anagathayak says:

    විශ්වාස භංගය ගැන මොකක් වෙයිද? රනිල් පැරදී සිරා ගොඩ යයිද? පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවට මේ වගේ ප්‍රශ්න ඇතිවෙලා ඇති. බැසිල් තුමාගේ මෙම සම්මුඛ සාකච්ඡාව කියවන්න සම්පුර්ණයෙන්. හිතට සතුටක් දැනේවි. ප්‍රසන්න බැසිල් වැනි අය ගැන විශ්වාසය තබන්න.

  7. හේමන්ත says:

    ඉතිං මහත්තය ජාත්‍යන්තරේ කියන්නෙ ඔයයි අනික් එක්කෙනයි නෙ..ඔය දෙන්නම ඇමෙරිකන් පුරවැසියොනෙ.සුමනදාසගෙ ලනු කාල අවුරුදු දෙකකට කලින් ඉල්ලන් කෑවට කාටවත් බැනල වැඩක් නැහැ.ඔහොම උනේ ඔහෙල සේරම එකතුවෙලා ගහපු ගැහිලි මිනිස්සු දැනගත්තු නිසා. ඔහේ උනත් මල්වානෙ ගෙදර කේස් එකට මාට්ටුනෙ.

Main News