මාධ්‍යවල කියන ගණන් බොරු.. කුණු කන්ද කඩා වැටීමෙන් පොඩි දරුවන් පමණක් 130ක් නෑ..[Video]

April 16, 2017 at 11:24 pm | lanka C news
මාධ්‍යවල කියන ගණන් බොරු.. කුණු කන්ද කඩා වැටීමෙන් පොඩි දරුවන් පමණක් 130ක් නෑ..[Video]

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම නිසා යටවූ නිවාසවල සිටි කුඩා දරුවන් 130ක් පමණ අතුරුදහන්ව ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසති.

මාධ්‍යවල පලවන්නේ ඇත්ත ප‍්‍රමාණයන් නොවන බවද එක් කාන්තාවක් මාධ්‍ය වෙත හෙලි කලේ මෙසේය.

43 views

6 Comments to “මාධ්‍යවල කියන ගණන් බොරු.. කුණු කන්ද කඩා වැටීමෙන් පොඩි දරුවන් පමණක් 130ක් නෑ..[Video]”

  1. ආනන්ද says:

    මෙච්චර විපතක් වෙළත් මේ යහපාලන ආණ්ඩුව 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එම පනත අනුව වහාම ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

    • ඇත්ත says:

      2015 වැරදියි එය 2005 විය යුතුයි.
      2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වය ප්‍රකාශ කළ යුත්තේ ජනාධිපති විසිනි. ජනාධිපතිතුමා මෙහෙම පනතක් තියෙනවාද කියා දන්නෙ නැතිව ඇති.

  2. ආනන්ද says:

    මෙච්චර විපතක් වෙළත් මේ යහපාලන ආණ්ඩුව 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත අනුව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එම පනත අනුව වහාම ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු. මෙම පනත ක්‍රියාත්මක නොකර විපතට පත්වූ අයට වන්දි ලබා දෙන්නේ කෙසේද?

  3. FON HUB ෆෝන්හබ් says:

    මාධ්‍යවල කියන ගණන් බොරු.. කව්ද යකෝ ඇත්ත කියන්නේ? කියපන්කො බලන්න ගෙදරක ඉන්න ඔක්කොම යටවෙලා නම් ගණන් හිලව් කොහෙවත් ලියලාත් නතින දේසපාලන පිම්පියෝ කියන ඒවාද සම්පුර්ණ ඇතත. කැසිල්ලේ රජ්ජුරුවෝ වත් හිටියා නම් කියවී කුණු දාපු ගෙවල වල ඉන්න උන් ඔක්කොම ගල් ගහලා හරි කපලා හරි මරන්න ඕනෙ කියලා. අනේ me කුණු කතා.

  4. නගරයේ ලක්ෂ 8ක් ඉන්නා බවත්, දිනපතා කොළඹට ලක්ෂ 10ක් පිටතින් පැමිනෙන බවත් කියමින් නගර සභාව ගැලවීමට උත්සහා දැරීම විලිලැජ්ජා සහගතයි.

    ඔය කියන පිටින් පැමිණෙන ලක්ෂ 10 කොළඹට එන්නේ සේවා සපයන්නන් හා මිළදීගන්නන් ලෙසයි. එම නිසා ඇතිවී තිබෙන  අති විශාල ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් බදු අයකරගන්නේ කවුද එතකොට? කුණු එකතු කිරීම හැර කොළඹ නගර සභාව කරන වෙනත් කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියක් තිබෙනවාද?

    ජලය හා මළාපවහනය – Water board
    විදුලිය – CEB
    ප්‍රධාන පාරවල් – RDA
    නිවාස – Housing board
    නාගරික සංවර්ධනය – UDA
    සෞඛ්‍ය – Helth Ministry etc,.

  5. dihuhas says:

    ek ek niwase inna samajikayan ganana GS laga thiyenawa. ei aawain thorathuru aragena siyalu pavul wala nomethi samajikain ganan kiyanna beri?