මාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට..

November 29, 2021 at 7:18 pm | lanka C news
මාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට..

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පසුගිය 27 වනදා නිදහස් මාධ්‍ය වේදියෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකෙරෙන යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.

මුලතිව් මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේක්ම කාර්යාලය ඉදිරිපිටදී ඊයේ දින දේශපාලන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතියින්, ආගමික නායකියින් හා ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් පිරිසකගේද සහභාගීත්වයෙන් විරෝධතාවක්ද සංවිධානය කොට තිබුණි.

අදාල විරෝධතාවය අතරතුරදි නිදහස් මාධ්‍යෙව්දියාට පහර දුන්නේයැයි සැකකෙරෙුනු ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදු වූ අතරම මාධ්‍ය වේදියාට පහරදීම උතුරේ සියලු මාධ්‍ය සංගම් විසින් හෙලා දකිමින්ද විරෝධය පල කොට තිබුණි.

පසුගිය 27 වනදා මුලතිව්හි පදිංචි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා මුරපොළක් ආසන්නයේ ප්‍රවෘති ආවරන කටයුත්තක් ආවරනය කිරීමට ගිය අවස්තාවේදී අදාල පහරදීම සිදුව ඇති බවටත් තමන්ට යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් පහරදී තුවාල සිදුකල බවටත් පහරකෑමට ලක් වූ මාධ්‍යෙව්දියා විසින් මුලතිව් පොලීසියට පැමිණිළි කොට ප්‍රතිකාර සඳහා මුලතිව් මහරෝහලට ඇතුලත් විය.

කෙසේ වෙතත් අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල මුලතිව් පොලීසිය විසින් පහරදීමට සම්බන්ද බවට සැකකෙරුනු යුදහමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හල බවටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

22,019 views

5 Comments to “මාධ්‍යවේදින්ට පහර දුන් හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට..”

  1. කටුනංගි says:

    මෙන්න රණවිරුවන්ව හිරේ දානෝ… රට පාවා දෙනෝ… ඉන්න බැරියෝ… කට්ටකින් අනිනවා වගේ දැනෙනෝ…

  2. wimalasena H.D. says:

    nikan indagena gila gilaa inna oya suruttu sodaaduwanwa indiavata ho maaladivainata pitathkorala yewiya yuthu
    ya. unta mehe kalu urumas kaala kaala thela vediwelaa ahinsakayanta gahanawaa. mun oya ihatha kiyaapu rata
    walata giyothin munta thadibaala etakatuth ithuruwenne nehe.

    • හසිත says:

      මේ ලියන්නෙ නියම NGO කාරයෙක් .බොහෝවිට හමුදාවට විරුද්දව කොමෙන්ට් දෙමීම ඉස්ලාම් අන්තවාදීන් විසින්ද කරන බවට අපට නිරීක්ශනය වී තිබෙනවා

  3. 3% ට බය බයියා. says:

    රණවිරුගාය .රණවිරු දඩයම .

  4. Lol says:

    බොහෝවි මෙවෙනි උද්ගෝශනවල කරනු ලබන්නෙ තෙරපීමකට හො තල්ලු වීමක් නිසා අතිවන සීරීම් පෙන්වා පොලිසි ගොස් හුස්මගෙනීමේ අපහසුතා ,පපුව රිදීම් අතිබව පවසා රෝහල් ගතවීමයි මෙය විශ්ව විද්‍යාල සිසුන් විසින් හොදින් දියුනු කරන ලද්දාවූ උපක්‍රමයකි .බටහිර රටවලට සරනාගත වීසා ලබාගෙනීමට පවා තුඩු දෙන සාර්ථක ක්‍රමයකි පොලිසිය මෙම හමුදා බටයන්ව නිදහස් කරනු ලබන්නෙ මෙයබොරුචෝදනාවක් නිසා බව පෙහෙදිලියි .

Main News