මාධ්‍යවේදියාට පඩිය මදි.. නාවික හමුදාපතිගෙන් ගුටි කා ඇත්තේ ඒකයි.. – රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

December 13, 2016 at 7:07 am | lanka C news
මාධ්‍යවේදියාට පඩිය මදි.. නාවික හමුදාපතිගෙන් ගුටි කා ඇත්තේ ඒකයි.. – රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

සෙනසුරාදා මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම දැඩිව හෙලා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය යළිත් වරක් අවධාරණය කරයි.

කෙසේ නමුත් පහරකෑමට ලක් වූ මාධ්‍යවේදියා අතින් එවැනි අවස්ථා වාර්තාකරණය සම්බන්ධ ආචාරධර්ම කිහිපයක් කඩ වී තිබෙන බව ඒ පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයේ මූලික නිගමණ අනුව හෙළි වී තිබුණු බවත් ඔහු පැවසීය.

උද්ඝෝෂණයේ යෙදී සිටි මාගම්පුර වරායේ සේවකයන්ගෙන් නෞකා දෙකක් බේරාගැනීම පිණිස නාවික හමුදාව පැමිණි අවස්ථාවේ, එය වාර්තා කළ මාධ්‍යවේදියකුට පහරදුන් බවට නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

එම පහරදීමට එරෙහිව රටපුරා විවිධ ප්‍රදේශවල මාධ්‍යවේදීන් කළු පටි පැළඳ උද්ඝෝෂණවල නිරතව සිටි අතර, එහිදී මාධ්‍යවේදියා ආචාරධර්ම කඩ කළ බව පවසමින් ආචාර්ය රංග කලංසූරිය ඉරිදා නිකුත් කළ නිවේදනය බොහෝ මාධ්‍යවේදීන්ගේ දැඩි විවේචනයට ලක්විය.

ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා එසේ කඩ කළ ආචාර්ධර්මය කවරක් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ආරක්ෂක හමුදා සම්බන්ධ ඉතා සංවේදී සහ ගැටුම්කාරී තත්වයක් පවතින අවස්ථාවක මාධ්‍යවේදීන් පිළිපැදිය යුතු විශේෂ ආචාරධර්ම පවතින බවයි.

විශේෂයෙන්ම කිසියම් ස්ථානයකින් ඔබ්බට නොයන මෙන් ආරක්ෂක හමුදා උපදෙස් දුන් අවස්තාවක ඒ උපදෙස් නොපිලිපැදීම සහ ඔහුගේම ආරක්ෂාව පිණිස සිය මාධ්‍ය සගයන් සමඟ එක් ස්ථානයක සිටීමට අපොහොසත්වීම මාධ්‍යවේදියා විසින් කඩ කරන ලද ප්‍රධාන ආචාරධර්ම කිහිපයක් බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතයයි.

“මේ අවස්ථාවේදි මේ මාධ්‍යවේදියා මේ පිරිසෙන් ඈත්වෙලා වෙනම රාජකාරියක් කරන්න ගියා කියල අපිට ආරංචි වෙලා තියෙනවා.”

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සේවය ලබාගන්නා ආයතන ඔවුන්ට නිසි වේතනයක් පවා නොගෙවමින් ඔවුන්ගේ සේවය සූරා කෑම ඔවුන් මේ ආකාරයෙන් ‘තරගයක’ යෙදී සිටීමට ප්‍රධානම හේතුව බවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

“මාස දෙක තුනකට පඩි ගෙවල නැති ආයතන තියෙනව. ඒ අයට රැකියා සුරක්ෂිතභාවයක් නෑ.”

එබැවින් තමන් ආරාක්ෂා වී රැකියාවේ නිරතවන්නේ කෙසේ දැයි ඔවුන්ට පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.

– BBC

0 views

4 Comments to “මාධ්‍යවේදියාට පඩිය මදි.. නාවික හමුදාපතිගෙන් ගුටි කා ඇත්තේ ඒකයි.. – රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව”

  1. Deepal says:

    මොහු ත් , ආණ්ඩුවේ සිටින බූරුවනුත් හැර තවත් බූරුවන් සිටීද ?

  2. Bora says:

    What a nice explanation by DG. Mama panthiye palaweniya! Very nice!!. Panthiye inne mam witherai!!!

Main News