මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ ඔහුගේම වරද නිසා.. – රජයේ නිල මතය කියයි..

December 12, 2016 at 4:06 am | lanka C news
මාධ්‍යවේදියාට පහර දී ඇත්තේ ඔහුගේම වරද නිසා.. – රජයේ නිල මතය කියයි..

හම්බන්තොට වරායේ විරෝධතාවක යෙදී සිටි පිරිසකට නාවික හමුදාව විසින් සිදු කල පහර දීමේදී මාධ්‍යවේදියෙකුද පහර කෑමකට ලක්ව ඇත්තේ ගැටුම් වාර්තා කිරීමේදී මාද්‍යවේදීන් විසින් පිළිපැදිය යුතු අවම සදාචාරාත්මක පියවරයන් එම මාධ්‍යවේදියා විසින් නොගැනීම නිසා බව පරීක්ෂණවලදී හෙලි වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට එල්ල කරන ප්‍රහාර කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් පල කරන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි තමන් පොලිසියට දන්වා ඇති බවයි.

අදාල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නාවික හමුදාව කටයුතු කළ ආකාරය වැරදි නොවන බවද ඒ ගැන වාර්තාවක් ලබා දෙන්නැයි නාවික හමුදාපතිවරයාට ද දැන්වූ බවද ඔහු කියා සිටී.

33 views
Main News