මාධ්‍යවේදියෙකුට පහර දෙයි..

December 3, 2017 at 5:30 pm | lanka C news
මාධ්‍යවේදියෙකුට පහර දෙයි..

යාපනයේ සේවය කරන ගුවන් විදුලි ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට ඊයේ (02) දින සවස යාපනය චාවාකච්චෙරිය නගරයේදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් පහර දී පලාගොස් ඇති බවට අදාල මාධ්‍යෙව්දියා විසින් චාවකච්ඡේරි පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

පහර දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනා ත්‍රීරෝද රථයකින් පැමිණ තමන්ට පහරදී පලා ගිය බව පහර කෑමට ලක් වූ බවටත් දිගින් දිගටම තමන්ට පහර දුන් අවස්ථාවේදී අසල තිබූ දේවස්ථානයක්ට දිව ගොස් බේරුනු අතරම පසුව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු කෑ කෝ ගසමින් එළියට පැමිණි අවස්ථාවේදී පහරදීමට පැමිණි දෙදෙනා පලා ගොස් ඇත.

ඔවුන් දෙදෙනා මාධ්‍යවේදියාව ආරක්ෂා කරගෙන පොලීසියට කැදවාගෙන පැමිණි බවට එම  මාධ්‍යවේදියා චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබේ.

නමුත් අදාල පහරදීම සම්බන්ධයෙන් චාවකච්ඡේරි පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ අදාල මාධ්‍යෙව්දියා සහ ත්‍රී රෝද රථය මාරගයේ ගමන් කරමින් සිටි අවස්ථාවේදී කෙනෙකුට තවත් අයෙකු ඉස්සර කිරීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවය.

අදාල පාර්සවයන් දෙකටම පොලීසියේ පෙනීසිටින ලෙසට දැනුම් දී ඇති බවටත් එසේ හැරෙන්නට මෙම පහර දීමට වෙනත් හේතුවක් නොමැති බවටද චාවකච්ඡේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views
Main News