මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන්නැයි දැනුම් දී තිබියදීත් රහස් පොලිසිය මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක්….

October 2, 2021 at 8:02 am | lanka C news
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන්නැයි දැනුම් දී තිබියදීත් රහස් පොලිසිය මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක්….

දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව සොයා වැරදි කළ අයට දඬුවම් කිරීම වෙනුවට පණිවුඩකරුවන් දඩයම් කරන්නාක් මෙන්  දූෂණ හෙළිකළ මාධ්‍යවේදීන්ට හිරිහැර කරන්නටයාම අනුමත කළ නොහැකි බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව මාධ්‍යවේදීන්ට හිරිහැර කරන ආණ්ඩුවක් නොවන බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම, මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබියදීත් එහි නිලධාරීන් මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක් බව ද ඇමතිවරයා කීවේය.

එබැවින් ඒ සම්බන්ධයෙන් මෙන්ම හෙළිවී ඇති දූෂණ වංචා පිළිබඳව ද පරීක්‍ෂණ කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

– repoter

8,692 views

10 Comments to “මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන්නැයි දැනුම් දී තිබියදීත් රහස් පොලිසිය මාධ්‍ය ආයතන වෙත යාම ගැටලුවක්….”

  1. Nuwan says:

    ජොනියො ආණ්ඩුවට ගියානං හරි . විපක්ෂයේ ඉඳගෙන කෑගහල වැඩක් නෑ

  2. desta says:

    ei ubata daduwam nethi hindada ratata karana winsayata maru porak upades denne wancchaka hora takkadi deshapalakayo ubala

  3. Dilith says:

    සිරා 2015 ආප්ප කාල රටත් කාල කෝටි ගානක ගෙයකුඝ් අරන් දූලා පුතාලට කුට්ටි කුට්ටි අඑඅන් අපිට බෝම්බ ගහනකම් නිදාගෙන ඉදල රනිලට කියල ..කෙත් ඇරගෙන මහනබැංකුවත් සුද්ද කරගෙන ගිහින් දැන් ඩඩ්ලිය රටේ මිනිස්සුන්ගේ බත් පතට කෙලින්නෙ

    • NuwanJ says:

      ඔකුන් ව්‍යාපාරිකයො නෙවෙයි කලුකඩ මුදලාලිලා .
      කැති පොලු මන්න ඇරගෙන කරන තග වෙලදාම
      දැක්කනෙ සෙට් එකෙ වැලිකාරය පොරව පාරක් කාලම ගියා යන්නම.
      රටෙ වගකිවයුතු අය තමන්ගෙ ලගටම ගිහින් කතා කරපු වෙලාවෙ වැදගත් විදියට විසදුමකට
      එන්නෙ නැතිව තමන්ගෙ තග පෙන්නුව රටටම.

      විදවිම වැඩි ඇතක නොවෙනු ඇත.

  4. SAMAN says:

    ජොනියො ආණ්ඩුවට ගියානං හරි . විපක්ෂයේ ඉඳගෙන කෑගහල වැඩක් නෑ

  5. 3% ට බය බයියා. says:

    දඩයම් මන්දිරයයේ වැඩ එහෙම තමයි .

  6. lakruwan says:

    අපරාධ පරීක්ෂණ වලට දේශපාලන අතපෙවීම්?

  7. යකා says:

    “,දූෂණයක් වංචාවක් සිදුව ඇත්නම් ” ඒ කියන්නේ ඔයා දැනුවත්ව දූෂණයක් වංචාවන් වෙලාම නැද්ද ජොනී ?

  8. සුදුහුණු පොඩි කරන්නන්ගේ සංගමය says:

    පැමිණිල්ලක් දැම්මා නං ඒක දේශපාලකයින්ට ඕන ඕන විදිහට කරගෙන යන්න නෙමෙයිනේ ඒ ගැන විභාගය කිරීමේ අයිතිය එම ආයතන වලට අයිතියි. ඉතින් ඒ පැමිණිළ්ලෙනුත් පැමිණිලිකරුවන්ට අවාසි නම් ඒක නවත්තන්න ඇයි වලිකන්නේ. එක එකාගේ නම සුද්ද කරන්නත් දැන් භාර CID එකයි. හොරු වංචාකරුවන් අල්ලන්න දැන් ඒ අයට වැඩක් නැහැ.

  9. ගෞම් ඊයාරාජ් says:

    උම්මාද බෛයි වහල්ලුන්ගෙ පාණ්ඩුවට ඒකෙම එවුන් බනිනවා. ඇමතිලා පාලනය කරගන්න පුළුවන් පාඨලී වගේ නායකත්වයක් යටතේ ඔහොම කිව්වා නම් පහුවදා සුදු කොඩි තමයි.