මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය…?

January 11, 2019 at 3:50 pm | lanka C news
මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය…?

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇත. ජනතාවට තොරතුරු ලබා දීම සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි.එම ආයතනවලට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ යුතුකම විය යුතුය

එහෙත් මෑතක සිට පවතින රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබදව ජනතාවට තොරතුරු ලබා දෙන මාධ්‍ය ආයතන මෙල්ල කිරීමේ උත්සහයක වර්තමාන රජය නිරතවන බව අපට පෙනී යන කාරණයකි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත දී රජයේ පාර්ශව විසින් සමහර මාධ්‍ය ආයතන මර්ධන කිරීම සදහා විවිධ   ප්‍රකාශ  නිකුත් කරනු ලබන බව අපහට පෙනීයයි.

සමහර කණ්ඩායම් විසින් මාධ්‍ය ආයතන ඉදිරිපිට විවිධ විරෝධතාවල නිරත වන බවද අපහට දැක ගැනීමට ලැබුණි.

සිවිල් සංවිධාන ලෙස හදුන්වා ගත් පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියේ මාධ්‍යට කරන ලද බලපෑම අප සංවිධානය තරයේ හෙළා දකින අතර එම කණ්ඩායම් මෙහෙයවන ලද්දේ කවුරුන් යන්න පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මෙරට මාධ්‍ය ආයතන මර්ධනය කිරීම සදහා රජය විසින් අනුබල ලබ‌ා දෙන බවට චෝදනා කිරීමට අපහට සිදුවේ.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

13,677 Viewers

11 Comments to “මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය…?”

  1. Hesh says:

    යූන්පී එක ඉස්සර ගෝනවල සුනිල්ලා පාවිච්චි කරලා තග දාලා මාද්ය නිශ්ශබ්ද කරා. අද අනුර කුමාරලා දාලා සමාජ පීඩනයක් හදලා මාද්ය නිශ්ශබ්ද කරන්න හදනවා.

    • ඉනිමන්කඩ says:

      ඔය කණ්ඩායමේ එන කලාකාරයි කියල කියාගන්න එවුන් ඔක්කොම එන්ජිඕ ඩොලර් සහ යුරෝ කාක්කෝ .විමුක්ති ජයසුන්දර කියන එකා අපේ රණවිරුවන්ට අපහාස වන විදියේ චිත්‍රපටියක් හදලා මිනිසුන්ගෙන් ගුටිනොකා රටින් පැනපු එකෙක් ඕකා ජිවත් වෙන්නේ ප්‍රංශයේ ඕකා චන්ද්‍රිකාගේ ඉත්තෙක් .අනික් එවුන් ගැන ඒ කියන්නේ සමනලිලා ඉනොකලා ගැන කවුරුත් දන්නවානේ

  2. බන්ඩා says:

    නිදහස් මාධ්‍ය ආයතන කියල එකක් ලෝකෙ කොහෙවත් නැහැ. CNN ට‍්රම්ප්ට විරැද්ධය්.

    හිරැ දෙරණ සිරස වගේ සියලුම ආයතන දැන්වීම් පල කරනවා මුදල් හඹා යනවා. අපිට වගේම ඒ ඒ අයිතිකරැවන්ටත් දේසපාලනයක් තියනවා. ඉතින් රනිල්ට පක්ෂපාතී නැති මාධ්‍ය ආයතන වලට අලිකොටිසීනු කල්ලිය ‘කලු මාධ්‍ය’ කියනවා ගැත්තන් ලවා විරෝධතා පවත්වනවා.

    මෙතන ප්‍රශ්ණය වන්නේ මාධ්‍ය ආයතන තමන්ගේ පක්ෂපාතීත්වය ප්‍රසිද්ධ නොකරන එකය්.

  3. Danny says:

    UNP shouting about democracy but their actions are totally undemocratic. Postponing elections indefinitely, suppressing the media, protecting their corrupt politicians, not investigating the corruption related petitions against their ministers etc They should be chased away as soon as possible.

  4. Suren says:

    “නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ” මුක පූට්ටු වී ඇති නිසා මේ අවස්ථාවේ ප්‍රකාශයක් සිදු කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.

    – කැඳවුම්කරු

  5. buruputha says:

    Prajathantravadaya dore galanava. Ape raniyage honda aanduwa. Ratata deiyangema pihitai. Ohoma Yan.

  6. මහින්දගේ…………. කාලයේ මෙවා………………… උනේ නැද්ද…………….

    • ජනක says:

      මහින්ද ජනපතිව සිටියේ මිට අවුරුදු 4කට පෙර .මහින්දගේ කරපුවා නොකරන්න කියල නේද තොපි හූ එන්පි එකට බලය දුන්නේ .මහින්ද මේවගේ දේවල් කලේ නෑ හැබැයි

  7. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapakse ge kale aanduwa vivechana karapu madyawedinta karapu dewal me Ranil WICKRAMASINGHE get aanduwanokarana nisay me kalakanniyan udapaninne.edha sudu ven.

    • Nagasinha says:

      සුදු වෑන් භීතිකාවත් නිකන් අර වරායේ තිබ්බ මහා ගලයි,රත්තරන් අශ්වයොයි වගේ නිකම් භීතිකාවක් පමණයි සහෝදරයා.

    • රටවැසියා says:

      නියම සුදු වෑන්, වධකාගාර තර්ජන තිබුනෙ බටලන්ද ටයර් සෑ යුගයෙ. රනිල් වික්‍රමසිංහ සොත්ති උපාලි වැනි පාතාලයො දම්මල මිනී මරපු යුගයෙ.

Main News