මාධ්‍ය බැලුවාම පේන්නේ රටේ ආණ්ඩුවන් නෑ කියලා..- ජනපති

July 6, 2017 at 3:00 pm | lanka C news
මාධ්‍ය බැලුවාම පේන්නේ රටේ ආණ්ඩුවන් නෑ කියලා..- ජනපති

රටේ ආණ්ඩුවක් නැතැයි මාධ්‍ය විසින් පෙන්නුම් කරමින් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රට තුල මහා අවුලක් ඇති බවත් ආණ්ඩුවේ ගමන අවුල් බවත් මාධ්‍ය විසින් පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ආණ්ඩුව හෙට වැටේවි යයි මාධ්‍යවල පෙන්වුවත් රටේ කිසිම අවුලක් නැති බවත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

31 views
Main News