මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL

July 15, 2019 at 6:26 am | lanka C news
මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල ගායක ඉරාජ්ගේ Verified ෆේස්බුක් පිටුව සහ තවත් ෆේස්බුක් පිටු 1500ක් රජය විසින් ඉවත්කරා යැයි වගකීමෙන් මාධ්‍ය හමු පවත්වමින් එම පුද්ගලයා ප්‍රකාශ කරන්නට වූ අතර සිදුවී ඇති සැබෑ සිදුවීම පිලිබදව තාක්ෂණික පැහැදිලි කිරීමක් අප සංගමය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ ජනමාධ්‍ය හා මහජනයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

එම මාධ්‍ය නිවේදනය නිකුත්කොට දින කිහිපයකට පසුව ඉරාජ් තම නව ෆේස්බුක් පිටුවෙහි “කව්ද මේ තොරතුරු තාක්ෂණ සංගමය.පොඩි කොල්ලෝ ටිකක් කරගෙන යන වගකීමක් ගන්න බැරි සංගමයක්” යන්නෙන් සදහන් කොට අප සංගමය පිලිබදව යම් නිගමනයකට එලබීමට කටයුතු කරන්නේ නම් අප සංගමය ඉරාජ්ගේ බුද්ධි හැකියාව හා පරිකල්පන ශක්තිය පිලිබදව දැඩිලෙස කණගාටුවට පත්වෙමු. වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකු වුව පමණින් වගකිමක් ගැනීමට නොහැකි අතර එම පුද්ගලයා දැනුම අතින්ද සන්නද්ධ විය යුතුය. වයසින් වැඩි පුද්ගලයෙකු ලෙස මාධ්‍ය හමු පවත්වා කිසිදු සාක්ෂියකින් තොරව කිසිම තාක්ෂණික පැහැදිලි කිරීමකින් තොරව මාධ්‍ය වෙත බේගල් ඇදබෑම වගකිමක් ඇති ක්‍රියාවක්දැයි අප සංගමය ඉරාජ්ගෙන් අසන්නට කැමතිය.

තවද අප සංගමයට අවස්තාවක් ලබාදෙන්නේ නම් සියලුම ජනමාධ්‍ය හා සියලුම දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අප සංගමය සුදානම් අතර ඉරාජ් මාධ්‍ය හමු පවත්වා සංදර්ශන පැවැත්වීමට ප්‍රථම අප සංගමය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ඩිජිටල් යටිතලපහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පී.පෙරේරා මහතා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඩිජිටල් අමාත්‍යවරයාව, සමාජ මාධ්‍ය වලට පිවිසීම අවහිර කිරීමට රජය Depp Packet Inspection භාවිතා කිරීම මගින් අන්තර්ජාල පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවෙන බව පෙන්වාදුන් අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී රජය විසින් හොර රහසේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත “සයිබර් ආරක්ෂණ” පනතෙහි ඇති අහිතකර බලපෑම් පිලිබදව දැනුවත් කිරීමක් සිදුකරනු ලැබුවා.තවද ජූනි 18 වනදා පාර්ලිමේන්තුව තුලට සමාජ මාධ්‍ය පිළිබද ප්‍රශ්න කිහිපයක්ද යොමුකිරීමට අප සංගමය කටයුතු කරනු ලැබුවා.

අප සංගමය විසින් සමාජය වෙත සිදුකරන ලද කාර්යභාරය පිලිබදව කිසිවක් නොදන්නා ඉරාජ් අප සංගමය පිලිබදව තීන්දු තීරණ වලට එළැබෙන්නේ කුමන නිර්නායකයක් පදනම්කොටගෙන දැයි ප්‍රශ්නයක් පැනනගී.ෆේස්බුක් අඩවියේ කිසිම තැනක Verified පිටු වාර්තාකොට ගලවා ඉවත්කළ නොහැකි බව සදහන් කොට නැති අතර Verified යන්නෙන් අදහස් වන්නේ ෆේස්බුක් ඔහු හෝ එම සමාගම ප්‍රසිද්ධ චරිතයක් හෝ ව්‍යාපාරයක් යන්නෙන් හදුනාගෙන ඇති බව යන්නෙනි.” Verified පිටු කොපමණ වාර්තා කරත් අයින් වෙන්නේ නෑ” යන සමාජය තුල පවතින මතය පුස්සක් බව නොදන්නවා නොවිය යුතු බව අප තොරතුරු තාක්ෂණ සංගමය ඔහුට මතක්කරදීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

39,525 Viewers

15 Comments to “මාධ්‍ය සංදර්ශන පවත්වා ඉරාජ් ජනතාවට බේගල් ඇදබානවා..- ITSSL”

  1. Gayantha says:

    ගොන්‍ රාජ් කියන්නෙත් නිකන් එස්බීලා වගේ ඩයල් එකක්.
    එදා මහින්ද මහත්තයා පරදින්නත් මේ මොන්ගල් ඩයල් එකත් හේතුවුනා. දැනුත් කරන්නේ කුනුහරුප විඩියෝ හද හද බුදු දහම වන්සන සමන්ත බඩ්ඩා එක්ක බුදියගන්න එකනේ. ඔහුට එන විරෝධය බොරුවට වෙන් මිනිස්සු පිට පටවලා අයෙත් හදන්නේ මහින්ද මහත්තයාත් අමරුවේ දාන්න. මොන්ගල වගේ පවුලක් නැති ලමයෙක් නැති මේ ඩයල් එක ගහලා එලවන්න ඔන රටින්ම.

    • රටට හිතැති says:

      මූ අම්ම තාත්තවත් විකුණන ඩයල් එකක්. එහෙව් එකේ මහින්දව විකුණන එක කජ්ජක්ද?

    • saman says:

      පේන විදිහට මේ ගයන්ත යන නමින් මෙතන කොමෙන්ටු දාන්නේ වැලේ වැල් නැති ජෙප්පන්ට කත් අදින එකෙක් කියල. මේ දවස් වල යූටියුබ් සංහාරයක් එලි බැහැලනෙ මංගලගෙ කොල්ලො වෙන්නැති. ඉරාජ් විතරයි බුද්ධිමත් වැඩක කරන්නෙ මට පේන විදිභට. නාගයටත් ජේවීපී ටීම් එකක් හම්බ වෙලානේ දැන්. ජෙප්පො මෙදා පාර පේන විදිහට වෙදෙකුයි සර්පයෙකුයි පරිසරයෙකුයීත් දාගෙන ඉන්නවනෙ ඡන්ද කඩන්න. රැවුලවත් නැති කොලු පැටව් ටිකකුත් අල්ලගෙන.

  2. මුත්තා says:

    මොන පිස්සුද ඉරාජ් තරම් දන්න කෙනෙක් ඉන්නවද, එයා දේශප්‍රේමියෙක්නේ

  3. හිරාන් says:

    Iraj හිතන් ඉන්නේ එයා හරි ලොකු පොරක් කියලා.

    • sky says:

      @හිරාන් ,
      හිතන්න දෙයක් නැහැ ඉරාජ් ලොකු පොරක් තමයි . ඉරාජ්ගේ දියුණුවේ රහස උත්සාහය මිස . උබේ වගේ ඉර්ෂියාව නොවේ ..උබට ඇත්තේ පැහැදිලි ඉර්ෂියාව නේද ? සතුටුවෙයන් සිංහල කොල්ලක් පොරක් වීම ගැන

  4. Jenn H says:

    මේක නිකන් කවුරුහරි බැන්නහම තෝ මොනාද දන්නෙ මට උඹට වඩා ගොඩක් ඒව තේරෙනව, කියල අර පොඩි එකෙක් ට්‍රිගර් වෙල කියපු එකක් වගේ. මම ඔය සංගමය ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ, හැබැයි මේ ලිපියෙනුත් මුකුත්ම නැහැ, මේ ලිපිය විතරක් ගත්තොත්, පේන විදිහර ඉරාජ් හරි වගේ, හැබැයි ඉතින් ඉරාජ්ගෙ හැටි අපි නොදන්නවැයි.

  5. sathya says:

    ඉරාජ් කියන්නෙ බුද්ධිමත් තරුණයෙක්, නිකං ගායකයෙක් විතරක් නෙවෙයි.

  6. Vesamuni says:

    iraj boru kiyana kenek nowei. kurivitage mathew nam boru kiyana bawak penenawa. ohugen mahinda beriya yuthui. iraj waelaleeyana bauddha urumayayi, gaerahum labana hamuduruwaru wenuwen naegee hiteema thama mathewta thiyena prasnaya. Iraj karunakara wikalpa ITSSL ekak pihituwanta daenmama oba ge fanla unandukarawanne.

  7. sulanga says:

    MANGALA AIYAGE KOLLONGE COMMENTS BALANNA OONANAM POOLIMATA ENNA

  8. sunimal says:

    ඉරාජ් ජනතාව ඔබ සමගයි මේ රජයේ මගඩි වැඩ තවත් ජනතාවට හෙළිකරන්න බුදු සරණයි

Main News