මාධ්‍ය හදන්නේ ආණ්ඩු පෙරලන්න.. මුල්පිටුව, පලවෙනි පිටුව තමයි රට නැති කරන්නේ – ජනපතිත් මාධ්‍යට දිගට හරහට දෙහි කපයි..
November 23, 2016 at 1:06 am | lanka C news
‘මෙරට මාධ්‍යට උවමනා ආණ්ඩු පෙරලන්න. ආණ්ඩු අප්‍රසාදයට පත් කරන්න. දේශපාලඥයො අලූතින් හදන්න, දේශපාලඥයෝ බලයෙන් පහ කරන්න. ඒක ලෝකෙ කොහෙත් නැති දේශීය චින්තනයක්. අපේ රට හැදෙනවා. අපේ රට ගොඩනැගෙනව. අපේ රට විශිෂ්ට විදිහට ඉස්සරහට යනව ආදී ලෙස පොදු මහජනතාවට හැගීමක් ඇතිවෙන ප්රවෘත්ති කීයක් පලවෙනවද. මුල්පිටුව පලවෙනි පිටුව තමයි රට නැති කරන පිටුව පත්තරවල’ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ දිනයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි.