මාමා-බෑනාගේ බැදුම්කර මගඩිය වහන්න ‘ෆුට්නෝට්’ කල්ලිය ගෙනා ග්‍රීක බැදුම්කර කතාව බොරු වෙයි… 2011දී මහාබැංකුව ඉහලම ශුද්ධ ලාබය උපයයි…
November 5, 2016 at 4:06 am | lanka C news
2011 වසරේදී මහ බැංකුව සතු ඇ.ඩා. මිලියන 6,500 ක පමණ විදේශ සංචිතය ඇ.එ.ජ. අවුරුදු 2 බැදුම්කරවල ආයෝජනය කළේ නම්, මහ බැංකුවට ලබා ගන්නට හැකි වන ආදායම, ඇ.ඩො. මිලියන 16.2 ක් පමණකි. එහෙත්, එසේ නොකරමින්, විවිධ ආයෝජන උපායමාර්ග හරහා, ඇ.ඩො. මිලියන 430.2 ආදායමක් ලබා ගැනීමට මහ බැංකුව සමත්වූ අතර, එම ලාභය (උපකල්පිත) අවදානම් රහිත ලාභය වන ඇ.ඩො. මිලියන 16.2 ට වඩා ඇ.ඩො. මිලියන 414 කින් හෝ 26 ගුණයකින් වැඩි කර ගැනීමට මහ බැංකුවට හැකිවූ බවද ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.
තවද, මහ බැංකුවේ ගිණුම් අනුව, 2011 දී සංචිත කළමණාකරණය හරහා මහ බැංකුව ලැබූ ලාභය වන ඇ.ඩො. මිලියන 430.2, කි. සාමාන්‍ය සංචිත ප්‍රමාණයේ ප්‍රතිශතයක් වශයෙන් මහබැංකු ඉතිහාසතේ උපරිම ප්‍රතිශතය වන 6.6% එම වසරේදි වාර්තා කරන ලදී. එපමණක් නොව, එම වසරේදි ඉහත කී ලාභය මහ බැංකු ඉතිහාසතේම ලැබූ උපරිම ලාභයයි. (වගුව බලන්න).
තවද, 2011 හා සන්සන්දනය කිරිමේදි , 2015 වර්ෂයේදී (2011 වසරේ තිබූ සංචිතයට බොහෝ දුරට සමාන විශේෂිත සංචිතයක් තිබුණද), මහ බැංකුවට උපයා ගැනීමට හැකිවූ ශුද්ධ ලාභය ඇ.ඩො. මිලියන 111 ක් පමණි. එසේ නම්, 2011 දී ඇ.ඩො. මිලියන 430.2 ක ලාභයක් ලබා තිබියදීත්, ග්‍රීක බැදුම්කර වලින් ලැබුවා වූ අලාභය නිසා මහ බැංකුවට විශාල අලාභයක් සිදුවූවා යයි පවසමින් එවකට මහ බැංකු කළමණාකරණයට යමකු දොස් පවරන්තන් නම්, 2015 වසරේදි , ඇ.ඩො. මිලියන 111 ක් පමණ ඉතා අඩු සමස්ත ලාභයක් පමණක් උපයා ගැනීමට සමත් වූ 2015 දී කළමණාකරණයට ඊටත් වඩා තදින් දොස් පවරන්නට සිදු වන්නේය.