මාරක පල්ලම්වල වහලය උඩ බිහිසුනු ගමනේ..
June 30, 2022 at 3:00 pm | lanka C news
පවතින ඉන්ධන අර්බුදය මත ජනතාව දැඩි ප්රවාහන අර්බුදයකට මුහුණ පා සිටිති.
පොදු ප්රවාහන සේවාවන් ද සම්පූර්ණ ලෙස ක්රියාත්මක නොවන නිසා ධාවනය වන අඩු බස් රථවල වැඩි මගීන් ප්රමාණයක් ගමන් කරමින් සිටිති.
මේ දැක්වෙන්නේ රත්නපුර අයගම ප්රදේශයේ බස්රථයක වහලය උඩ ද මගීන් ගමන් කරමින් සිටින ආකාරයයි.
එම ප්රදේශයේ ඉතා තීව්ර බෑවුම් මාර්ග සහිත ප්රදේශයකි.
Another disaster in the near future.
Please be careful
අද පෝලිම් වල මැරෙන ලමයට කන්න දෙන්න නතුව කදුලු වගුරන බස් වල වහලෙ එල්ලිලා යන රස්සාව වෙලදාම නැතුව හිගාකන මිනිස්සු නාකි මයින මැරුන කියල නිව්ස් එක ආපු ගමන් ඔය ඔක්කොම අමතක වෙලා ආයි වහල්කම ඉහට ගහනව ඒක පාවිච්චි කරල ලොකු බේබි ආයි මුන් ටික චන්ද පොලට දක්කල බලේ ගන්නව.ඕන් ඊට පස්සෙ ආයි බඩගින්න ණය බර පෝලිමේ දුක මතක් වෙනව ආයි අඩන්න පටන් ගන්නව.මේක තමා බයි චක්රය.දැන්වත් වහලෙක් නොවී පුරවැසියෙක් වෙයල්ල දේශපාලකයෙක් කියන්නෙ ජනතාවගේ සේවකයෙක් ඌ යම් දෙයක් කලාද ඒ උගේ රස්සාව.
විදේශ විනිමය ලැබෙන නිශ්පාදන සේවා ආරම්භ නොකරන රටකට මේ ඉරනම අහම්බයක් නෙවෙයි හැමදාම ණයට කාල ණය නොලැබෙන කොට හිගාකන එක නෙවෙයි පිට රටකට යවල ආදායම් ගන්න හැකි දේ රට තුල ඇතිකල යුතුයි
නැතිව මයිනෙක් පස්සෙ පැන්නුව කියල මෙව විසදෙන්නෙ නැ තවත් දේශපාලුවන් කොටසකට වෙන විදියකට රැවටීම තමයි වෙන්නෙ.
රටත් ජනතාවත් විනාසකල පරයන් පන්නන්න පාරට බැහැපල්ලා ඉවසුවා ඇති
ගොටා රනිල් හවුලට පින්සිදු වෙන්න අපි ගොඩේ ගොඩ.
ඉන්දියවේ film වල දැක්ක එව්වා දැන් අපේ රටේම පේන්න තියෙනවා…