මාරක රිය අනතුරක්… තිදෙනෙක් එතැනම මිය යයි.. දෙදෙනෙකුට බරපතලයි…

December 27, 2019 at 6:48 pm | lanka C news
මාරක රිය අනතුරක්… තිදෙනෙක් එතැනම මිය යයි.. දෙදෙනෙකුට බරපතලයි…

ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන පාරේ සංඛපාල ප‍්‍රදේශයේදී මගී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මරුමුවට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත්කර ඇති බව උඩවලව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බී.කේ. අජිත්කුමාර (49), ඞී.ටී. තරි`දු ස`දරුවන් (24) සහ එල්.පී. සමන් කුමාර (53) යන තිදෙනා වන අතර ඔවුන් ඇඹිලිපිටිය පදලංගල සහ කුට්ටිගල පදිංචිකරුවෝ වෙති.
කුටිටිගල සහ පදලංගල ප‍්‍රදේශයේ පදිංචි එල්.පී. ලහිරු සංජීව (20) සහ කේ. එම් ටී. චන්දන ලියනාරච්චි යන දෙදෙනා තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

අනතුරට පත්ව ඇත්තේ කොළොන්නේ සිට ඇඹිලිපිටිය හරහා කොළඹ බලා ධාවනය වු ලංගම බස්රථය සහ රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට පැමිණි ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් බවද පොලීසිය කියයි. අනතුරින් කුඩා ලොරි රථය ට දැඩි අලාභහානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

ලොරි රථයේ ගමන් ගත් පස් දෙනා අත්නගල්ල ප‍්‍රදේශයේ සිට ආපසු එමින් සිටි පිරිසක් බව පොලීසිය කියයි.

– ප‍්‍රගීත් ජනක

123 views

3 Comments to “මාරක රිය අනතුරක්… තිදෙනෙක් එතැනම මිය යයි.. දෙදෙනෙකුට බරපතලයි…”

  1. 👀👀🦅🦅🦅😢😢😢 says:

    මාරයා ගෙනියන්නේ බස් ඩ්‍රයිවර්ලාම නේද
    නිතර අනතුරු කරනු ප්‍රයිවේට් රියදුරු නේද
    මරුවා යාලු රියදුරුද බීමත්ව එලවනව නේද
    වේගය මරුවා නොව බීමත්කම මරුවා නේද

  2. ajith silva says:

    this kind of crap vehicles sans airbags driven by uneducated uncivilized semi apes in a mighty hurry cost millions to taxpayers – it costs millions to reset a simple fracture of bones ,disabilty and insurance payments are again on insurance corp. spares and repair part are imported -forex.crappy vehicles for all apes is a curse on the economy not an asset

  3. David Milli-banda says:

    These CTB bus chasis are too bulky for Sri Lanka roads.
    CTB must discard all CTB busses and have a smaller busses to ply the road.
    In China Shenzhen have to ideal size of busses on those busy roadfs.

Main News