මාරක රිය අනතුරක්.. තිදෙනෙක් එතැනම මරුට.. පහක් රෝහලේ..
September 1, 2017 at 8:07 am | lanka C news
ඊයේ මධ්‍යම රාත්රියේදී කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අනතුරින් එම ස්ථානයේදීම මිය ගොස් ඇත්තේ මෝටර් රියේ ගමන් කල එකම පවුලේ තිදෙනෙක් වන අතර ඔවුන් අම්පාරේ පදිංචිකරුවන් වෙයි.
කැබ් රියේ ගමන් කල පුද්ගලයින් පස් දෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත.