මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මිය යයි.. 20ක් රෝහලේ..

January 20, 2020 at 8:40 am | lanka C news
මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මිය යයි.. 20ක් රෝහලේ..

ඊයේ රාත‍්‍රී කාලයේදී හම්බන්තොට තංගල්ල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිවු දෙනෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත්තේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ආසන්නයේදී ය.

මිය ගිය සිව්දෙනා බස් රථයේ ගමන් ගත් පුද්ගලයන්ය.

අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් විසි දෙනෙකු පමණ රෝහල් ගත කර ඇත.

919 views

7 Comments to “මාරක රිය අනතුරක්.. හතර දෙනෙක් එතැනම මිය යයි.. 20ක් රෝහලේ..”

  1. Bitter Truth says:

    පිස්සන්ට ලයිසන් දීලා බරවාහන එලවන්න දැම්මහම ඔහොම වෙන එක පුදුමයක් නොවේ. බරවාහන රියදුරු බලපත්‍රය ලබා දීමේදී මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය කල යුතුය. පිස්සන්ට මිනීමැරීමට ලයිසන් දීම වහා නතර කල යුතුය.

  2. Mohan says:

    ජනපති තුමනි, මේකනම් අපේ රටට ලොකුම ප්‍රශ්නයක්.රිය අනතුරු අවම කරගන්න කුමන හෝ වේද පිළිවෙලක් කඩිනම්ව යොදන්න.අහිංසක වටිනා ජීවිත ගොඩක් අකාලයේ නැතිවෙනවා.බස්රථ සහ ටිපර් බරවාහන ත්‍රීරෝද තමි බහුලව අනතුරු වලට බාජනය වෙන්නේ.තරගය සහ නොසැලකිල්ල ප්‍රදාන හේතුව.මිය ගිය අයට නිවන් සුව.

  3. Tiper mania says:

    Uneducated, untrained people from low quality background can join easily as drives of heavy vehicles. They use various kinds of drugs to keep them alive and kill others.

  4. Prasanna says:

    ගොටා අපු ඩා ඉඩල අනතුරු

  5. MD says:

    Tiper wala geniyanne athya awshya ahara nowana nisa Ratri kalayata pamanak dawanaya karana neethi yodanna.

  6. Aurora says:

    රටේ තියන රියදුරු පුහුණු පාසැල් ලෙස හඳුන්වන ආයතන රියදුරු බල පත්‍ර ලබාදෙන Examiners ලට පගාව දීම සම්බන්ධීකරණය කරන ආයතන බව හැමෝම දන්නවා. ඒ සමඟම රියදුරු බල පත්‍ සඳහා ලිඛිත පරීක්‍ෂණය අමු බොරුවක්. අකුරු බැරි උනුත් එම බහුවරණ ස්වරුපයේ ප්‍රශ්ණ පත්‍ර වලට උත්තර ලියල සමත්වෙලා රියදුරු බල පත්‍ර ලබාගන්නවා. පාරේ වාහන එලවන අය අතරින් බොහෝ දෙනෙකුට පසුපසට ධාවනය කරන්න බැහැ. දැනට බලපත්‍ර තියන යටත් ආපහු විභාග තියල මාර්ග නීති දැනුම පරීක්‍ෂා කරන්න ඕන. නැතිනම් මහමඟ මරණ ඔහොමම තමයි.

Main News