මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA

July 10, 2020 at 11:20 am | lanka C news
මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා දෙවෙනි රැල්ලේ පළවෙනි පොකුර බිහිවී ඇතැයි සැක සහිත බව ද ඔහු පැවසීය.

කන්දකාඩු මධ්‍යස්ථානය ආසාදිතයන් මීට වඩා වැඩි බවට තොරතුරු ඇති බවත් පැවසූ ඔහු ආසාදිත වූ පුද්ගලයන්ගේ සමාජ සංසරණය කොතනින් පටන් ගෙන ඇත්දැයි නොදන්නා බවද සදහන් කරයි.

එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස ගැන තොරතුරු වාර්තා නොවන බවත් මේ වන විට කීදෙනෙක් නිවෙස්වලට ගොස් ඇත්දැයි නොදන්නා බවත්, වැලිකඩ බන්ධනාගාරයේ කී දෙනෙකු ආසාදිත දැයි නොදන්නා සේම ඔවුන් කී දෙනෙක් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත්දැයි තොරතුරු නැති බවද ඒ මහතා පැවසීය.

වෛරසය සමාජයට යාම පාලනය කරගත් නමුත් ඇති වී තිබෙන නව තත්ත්වය පාලනය කරගත නොගතහොත් තත්ත්වය භයානක විය හැකි යැයි ද ඔහු අනතුරු අඟවා සිටී.

54 views

40 Comments to “මාරවිල කාන්තාවගෙන් කොරෝනා දෙවනි රැල්ලේ පලමු පොකුර.. දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම කල යුතුයි.. නැතොත් භයානක වෙනවා..- GMOA”

  1. වෙබ් බුවා says:

    යකෝ ඔය කතාව ඕනම ගොනෙකුට කියන්න පුළුවන් එකක් බං . මුනුත් නිකං ජ්‍යොතිෂ කාරයො වගේ ජාතියක්

    • Elakiri.com says:

      Ammapa attha..

    • ලක්වැසියා says:

      හරියටම PCR 5000ක් කරන්න ඕනිද දන්නෑ. 5001 කලොත් අවුල්ද දන්නෑ. ඔය 5000 ගන්න ගනන් හැදුවෙ කොහොමද දන්නෑ. මෙගොල්ලො කලින් හදපු ගනනුත් අපි දැක්කනෙ.

  2. fass says:

    Onna GMOA patan gaththa ayeth, dan ithin Press conference dawasata dekakwath sure.

    • ජී එම් ඕ නැත්නම් උඹලට ඉන්න වෙන්නේ අර දේශපාලුවන්ගේ මෝඩ කතා චූන් අහ අහ තමයි

  3. Saradiel says:

    දළදා හිමි පිහිටෙන් කොරෝනා ඉක්මනින් අපේ රටින් තුරන්වේවා සාදු සාදු සාදු

  4. Kgs basnayake says:

    Menna mun tika koheda hangila indala giraw wage kaa gahanawa. Meka mona hospital ekeda wada karanne. Wadata waartha karanawada balanna. Jvp kutta

  5. Nishantha says:

    Providing opportunities to these GMOA negative lot to talk again. Marawila WOMAN must have made a huge blunder.

  6. T says:

    Prayogika Deyak Kiyapan Yako. Dostara Pattamak Gaha Gattha Paluyata Uba Anil Jasingha Karana Job Ekka Karann Idapan. Ubata Amaruwak Thiyanawa Nam Punchi Amma Ta Kelina Anura Kumara Shodaraya Gen Illa Gannin. Uba Wage Ekkek Thamai Lagadi Maha Hispirithale Mudal Mankola Kawe.

  7. Aurora says:

    ජනතාව තුල ප්‍රතිශක්තිය වර්ධනය කරන්න බටහිර වෙදකමේ කිසිම ක්‍රමවේදයක් නැහැ. 1983 සෞඛ්‍ය සේවා පනත අනුව එදා ඉඳල අපේ සෞඛ්‍ය අනතුරේ, බටහිර වෙදකමට හැර අනෙකුත් වෙදකම්, ඒ කියන්නේ කොත්තමල්ලි පස් පංගුව දෙන එක පවා නීතියට අනුව වැරදියි. නව පාර්ලිමේන්තුව කැඳවල පළමුවෙන්ම කරන්න ඕන ඔය දේශද්‍රෝහී මිනීමරු 1983 පනතේ වැරදි නිවැරදි කරලා අපේ ප්‍රතිකාර ගැනීමේ අයිතිය සහතික කරගන්න එක. එතකොට අනාදිමත් කාලෙක ඉඳලා තියන අපේ වෙදකම් අනුව කොරෝනා වලට ප්‍රතිරෝධී ජනතාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒත් එක්කම බටහිර වෙදකම් කරවාගෙන වලට යන්න, දොස් – තර කට්ටියට සල්ලි හම්බකන්නත් පුළුවන්.

  8. 77 UNP says:

    Lock down කරනවා කියන්නේ මහා විනාශයක්. ව්‍යාපාර ඉවරයි, පෞද්ගලික සේවකයන්ගේ ඉතුරුම් මාර්තු-මැයි lock down එකේදී ඉවරවුණා. එනිසා ජනතාව සහ ආර්ථිකය රැකගන්න අර්ධවශයෙන් lock down කරන එකයි හොඳම. රජයේ සහ පෞද්ගලික සියලුම නිෂ්පාදන ආයතන කාර්ය මණ්ඩලයන් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා විවෘතකර කර්මාන්තශාලා සහ ඒවාට සේවා සපයන ආයතන විවෘතකිරීමෙන් රටේ ආර්ථිකය නොවැටී පවත්වාගැනීම තමයි මේ මොහොතේ කලයුතු. දිස්ත්‍රික්ක අතර සීමා පැනවීම අතවශ්‍ය අවස්ථා වලදී පමණක් කල යුතුයි. රටේ ජනතාවගෙන් 90% කටම බයිසිකලයක් සහ 75% කට මොටර්සයිකලයක් හෝ තියනවා. ඒ අනුව පෞද්ගලික වාහන පාවිච්චිය මේ අමාරු අවස්ථාවේ දිරිමත්කර ඒකරාශිවීම වැළැක්විය යුතුයි. Internet එකේ data unlimited free කරලා මිනිස්සු ගෙවල්වල නවතින්න දිරිමත් කරන්න ඕන. නැතුව full lock down කියන්නේ රටත් අර්ථිකෙත් ඉවරෙටම ඉවරයි.

  9. Kgs basnayake says:

    We have to alert Health Secretary this gmoa bugger. We must check whether this guy come to work on time. Looks like he does do the official duties and he waste time and take salary.

  10. sarath says:

    SLPP කොහොමත් මේ පාර දිනනවා! හැබැයි 2/3 දෙන එක ගැනනම් ඔලුවක් තියෙන ඕනේ කෙනෙක් බොහොම පරිස්සමින් කල්පනා කරන්න වෙයි! 2/3 බැරිවෙලාවත් එකතුකරගත්තොත් MR සහ ගෝලයෝ රොත්ත මුලුන්ම කරන්නේ උන්ට හිසරදයක් උන කොමිෂන් ටික අහෝසි කරන එක. යන්තම් මැතිවරණ කොමිසම අප්‍රියෙල් මාසයේ චන්දය කල් දාල කොරෝනා වලින් අපිව බේරාගත්තා. හිතන්න එය තිබුනානම් වෙන්න තිබුණු විනාශය!!!
    ඔය කොයි පොලිටික්කත් අපේ ජීවිත ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. උන්ගේ සැප විතරයි!!!

Main News