මාර්ගයක වැටී තිබූ පුද්ගල මළසිරුරක් හමු වෙයි.. ප්‍රදේශයේ දැඩි කොරෝණා බියක්..

August 18, 2021 at 4:40 pm | lanka C news
මාර්ගයක වැටී තිබූ පුද්ගල මළසිරුරක් හමු වෙයි.. ප්‍රදේශයේ දැඩි කොරෝණා බියක්..

යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටි පුද්ගල මළ සිරුරක් ඊයේ (17) සවස සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

යාපනය දිස්ත්‍රීක්කයේ පේදුරුතුඩුව  මේ වන විට කොරෝණා ව්‍යාප්තියේ අවධානම්ම ප්‍රදේශය වන අතර කොරෝණා ආසාදිතයින්ද දිනෙන් දින වැඩිවෙමින් පැවතීම හේතුවෙන් ජනතාව තුල දැඩි කොරෝණා බියක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් මාර්ගයේ වැටී සිටි පුද්ගල මළ සිරුර පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වෛරව නාගරත්නම් නැමති අය බවට හඳුනාගෙන ඇත.

නමුත් මිය ගොස් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පී.සීආර්. පරික්ෂණයක් සිදුකිරීමට සහ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පේදුරුතුඩු රෝහලට රැගෙන ගොස් ඇතැයි පරික්ෂණ සිදුකරන පේදුරුතුඩව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

39,538 views

2 Comments to “මාර්ගයක වැටී තිබූ පුද්ගල මළසිරුරක් හමු වෙයි.. ප්‍රදේශයේ දැඩි කොරෝණා බියක්..”

  1. Silva says:

    බොරු ලියන්න එපා . යාපනයේ මිනිස්සු කොවිඩ් වලට බය නැහැ . ශත පහකට මායිම් කරන්නේ නැහැ

    • CAT says:

      යාපනයේ ජාතිවාදී TNA දෙමළ දේශපාලකයෝ COVID 19 සහ ඩෙල්ටා වලට
      බයේ රට පැනලද ?

Main News