මාර්ග අනතුරු ඉහළ යාමට පොලිසිය ඍජුව වගකිව යුතුයි…
April 17, 2018 at 5:30 pm | lanka C news
මාර්ග අනතුරු ඉහළ යෑමට ශ්‍රී ලංකා පොලිසියත් ඍජුව වගකිව යුතු බව සමස්ථ ලංකා යතුරුපැදිකරැවන්ගේ සංගමය පවසයි.
මේ බව පෙන්වා දෙමින් එම සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දීරය,
කොළඹ.
අතිගරු ජනාධිපතිතුමනි,
මාර්ග අනතුරු ඉහළ යෑමට ශ්‍රී ලංකා පොලිසියත් ඍජුව වගකිව යුතුයි
උත්සව සමයේ මාර්ගයේ ගමන් ගන්නා වාහන ඉහල යෑමත් සමඟ රිය අනතුරු හා මරණ විශාල ප්‍රමාණයක් සිදුව තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය දායකත්වය දක්වා ඇත්තේ මෙසේ ය.
1. නොපෙනී යෑම: යතුරුපැදි අනතුරුවලට මූලික හේතුවක් වන්නේ යතුරුපැදිය නොපෙනී යෑමයි. නොපෙනී යෑම ශ්‍රී ලංකා පොලිසිය අර්ථකතනය කරන්නේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කියා ය. මේ අනුව අමතර පහන් සවිකර යතුරුපැදි ධාවන කිරීම තුළින් යතුරුපැදිකරු සෑම කෝණයකින් ම පෙනීම වැඩ වන නිසා මාර්ග අනතුරු අඩුවන නමුත්, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවිකිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි.
2. කැපී පෙනීම: විවිධ වර්ණයෙන් යුත් දේවදූත පහන් (angel lights) මූලික පහනට යෝදා ගැනීමෙන් යතුරුපැදිකරුවන්ට තම යතුරුපැදියේ බැටරියට හානියක් නොකර දහවල් කාලයේ ඔවුන්ගේ කැපී පෙනීම වැඩි කර ගත හැක. ඒ හේතුවෙන් යතුරුපැදිය අනිත් රියදුරන්ට හා පදිකයින්ට නොපෙනී යෑම අවම කරති. එහි මැද මූලික පහන නව එල්. ඊ. ඩී තාක්ෂණයෙන් යුක්ත සුදු පහනක් වීම හේතුවෙන් රාත්‍රි කාලයේ දීද විශාල ආරක්ෂාවක් සැපයේ. ඒ තුළින් මාර්ග අනතුරු අඩුකර ගත හැකි නමුත්, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවිකිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි.
3. නොපෙනෙන තැන: අන්තර්ජාතික ප්‍රමිතියකට සෑදූ (ශබ්දය සීමා කර ඇති) ශබ්දය නිකුත්වන සයිලන්සර් භාවිතය යතුරුපැදිකරුවන්ට ලෝකයේ තහනම් කර ඇත්තේ ශ්‍රී ලංකා රජය හා පොලිසිය පමණි. යතුරුපැදියක් රියදුරන්ට නොපෙනෙන තැන (blind spot) එකේදී හා ඉස්සර කිරීමට වේගය වැඩි කරන අවස්ථාවල දී එම සයිලන්සර්ය තුළින් යතුරුපැදිය පිළිබඳව අනෙකුත් රියදුරන් දැනුවත් කරයි. ඒ තුළින් අනතුරු විශාල ප්‍රමාණයක් අඩුකර ගත හැක. නමුත් පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවිකිරීමට රුපියල් 50,000-100,000 ක දඩ මුදලක් අය කරයි. වාහනවල සයිලන්සර් ශබ්දය පිළිබඳව සීමාවන් ද රජය ප්‍රකාශයට පත් කර නොමැත.
4. ප්‍රමිතියක් නොමැති වීම: ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු වැඩිපුර සිදුවන්නේ රාත්‍රි කාලයේ ය. ශ්‍රී ලංකාවේ වාහන හා යතුරුපැදිවල ප්‍රමිතියක් නොමැති වීම නිසා පහනේ දීප්තිමත් භාවය ඉතාමත් අඩුය. මාර්ග පද්ධතියේ දුර්වලතා ඉතා විශාල ය. මෙම අවධානම ඉවත් කර ගැනීමට යතුරුපැදිකරුවන් හා වාහන රියදුරන් මූලික පහනට පහතින් අමතර මූලික පහන් සවිකිරීමට හෝ නව තාක්ෂණයෙන් යුක්ත බල්බ සවිකිරීමට කටයුතු කලද, පොලිසිය එවා ඉවත් කිරීමට හෝ එවා සවිකිරීමට රුපියල් 50,000-100,000 දඩක් අය කරයි.
5. ප්‍රමිතියකට සාදා ඇති යතුරුපැදි: ලොව පිළිගත් ප්‍රමිතියකට සාදා ඇති හා ආරක්ෂාවක් ලබාදෙන බොහොමයක් සාමාන්‍ය ජපන් යතුරුපැදි අධික බදු නිසා එකලැස් කර ඇති නිසා ඒවායේ චැසි අංක පිළිබඳව ගැටලු ඇත. නමුත්, ඒවා සියල්ල ආල්ලා රාජසංතක කර එවා පදින තරුණයන්ට රු. 50,000 – 100,000 දඩ ගැසීමට පොලිසිය කටයුතු කරති.
6. අධිතාක්ෂණයෙන් යුක්ත යතුරුපැදි: ලොව පිලිගත් ප්‍රමිතියකට සාදා ඇති හා ආරක්ෂාවක් ලබාදෙන අධිතාක්ෂණයෙන් යුක්ත යතුරුපැදි අධික බදු නිසා කොටස් වශයෙන් ගෙන්වා එකලැස් කර ජනතාව අතර ප්‍රචලිතව තිබෙන අතර අධිතාක්ෂණයෙන් යුත්ත එවැනි ප්‍රමිතිගත යතුරුපැදි පමණක් මාර්ගයේ තිබෙනවා නම් දැනට සිදුවන යතුරුපැදි මාර්ග අනතුරු 40% සම්පූර්ණයෙන් අඩුකර ගත හැකිය. නමුත්, ඒවා සියල්ල ආල්ලා රාජසංතක කර එවා පදින තරුණයන් සිරගත කිරීමට පොලිසිය කටයුතු කරති. පොලිසිය පවසන්නේ ඒ යතුරුපැදි තිබෙන්නේ රේස් පැදීමට කියාය. නමුත් ඒවායේ හැරවීමේ පහන් තිබෙන්නේ රේස් එකේ දැමීමට ද කියා විමසූ විට පොලිසියේ ඉහල නිලධාරීන් නිරුත්තර වී අප සංගමය ඉදිරියේ ගොත ගසනා බව දැනුම් දීමට අපි කැමැත්තෙමු.
7. සුදුසුකමක් නොමැති නිලධාරීන්: ශ්‍රී ලංකා පොලිසියේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ, හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට යතුරුපැදි සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව කිසිදු සුදුසුකමක් නොමැති අතර, ඒ පිළිබඳව විශේෂ දැනුමක් හා විද්‍යාත්මක පසුබිමක් සහිතව අප සංගමය දක්වන කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ පිළිතුරු නොදෙන, සාකච්ඡාවක් වත් නොදෙන නිහඬතාවයකින් බව අපි අවධාරණය කරමු.
8. බෝතලයක් ගන්නා ක්‍රමවේදයක්: අප සංගමය ඉහත සඳහන් මෝටර් රථ පනතේ කරුණුවල දී පොලිසියේ ක්‍රියාකලාපයට විරුද්ධ වුවද මාර්ගයේ විනය සාදා ගැනීමේ කරනා වල දී කිසිදු විරෝධයක් එල්ල කරන්නේ නැත. වේග සීමා වැඩි කල යුතු බවට අනෙකුත් ප්‍රවාහන සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිය ද, අප සංගමය එසේ කිසිදු ඉල්ලීමක් කර නැත. ඉහත කාරණාවල දී දරදඬව නීතිය ක්‍රියාත්මක කරනා ශ්‍රී ලංකා පොලිසියේ ඇතමෙක් නිලධාරීන් අවාසනාවකට මාර්ග විනය සම්බන්ධයෙන් වන ඍජු වැරදිවල දී කටයුතු කරන්නේ දඩය වෙනුවට තේ බීමට රු. 1000 ක් ගන්නා, රෑට සමරන්න බෝතලයක් ගන්නා ක්‍රමවේදයකින් වීම ඉතාමත් කණගාටුදායක ය.
9. රජය ජීවිත බිල්ලට දීම: ශ්‍රී ලංකා පොලිසියේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ, හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙම ක්‍රියා අනුව ඔවුන්ගේ එකම අරමුණ මාර්ග අනතුරු තව තවත් වැඩි කිරීමට සියලු කටයුතු සිදු කර, පසුව මරණ සංඛ්‍යාව පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වා මිනිසුන් මූලා කර අධික දඩ මුදල් ගෙනවිත් මෙම ගැටලුකාරි ආර්ථික තත්ත්වයේදී රජයේ ආදායම තර කර ගැනීමට බව අපට පැහැදිලි වේ. එලෙස අසරණ මිනිසුන්ගේ ජීවිත බිල්ලට නොදී, රජයේ ආදායම වැඩි කරගැනීමට ආදායම් බලපත්‍රවල අය කිරීම් වැඩි කිරීමට කටයුතු කරන ලෙස අපි ඉතාමත් ගෞරවයෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.
මෙයට,
චිරන්ත අමරසිංහ, සභාපති.
මාර්ග අනතුරු ඉහළ යෑමට ප්‍රධාන හේතුව හරියාකාරව රියදුරු බලපත්තරය දීමට කලින් හරියාකාරව පරික්ෂා නොකරිමය
මෙම විෂය ඉතා පූලුල්ව සාකච්චා කල යුත්තකි. අප රටෙ අනතුරූ වලට වග කිවයුත්තන් බොහොමයකි. ප්රමීතීයක් නැතී රියදුරැ පාසැල් ඉන් පලමු වැන්නයි.දූෂීත’ අවබෝධය නැති නිලධාරින් දෙවැන්නයි.
Nitharama accident wenna puluwan than wala, wishala bend kittuwa, saha parawal wala bumper danna. Oka ethakota hariyanawa.
sinhalen type karanna puluwan link ekak ewnna windows7 walata.
https://www.google.lk/inputtools/try/
ස්තූතියි.
කවුද මේ මෝඩ ගොනා
මේක ලියපු එකාගේ මවු සහ පිය පාර්ශව තණකොළ කන උන් ද ?
Me aya yathuru padiyata nggama hitha gena inne jet ekakata nagga kiyala ekayi illan wala pllata yanne.
Polisiyata karanna deyak naha happila marunata passe prikshaya karanawa arenna.
Sama harak yathuru padiyata naggama hithan inne raja kama aran jet ekakata nagga wage. Happila malata polisiyata karanna deyak naha. Mona nithi thibunath maga maruwata hariyata yathuru padiya hasuru wanma barinam polisiyata banala wadak naha.
සුනිමල්ගෙ කතාව ඇත්ත
ඊට අමතරව මේ සංගමයේ උන්නැහේ මොන බූරු පැටියෙක් ද.
මෙ වගෙ ගොන් කතා මොකද මේ වගේ මාධ්‍ය වලට දමන්නෙ.
Simple come and see Piliyandala police station. Behind all criminal activities in this area is police. Illegal garages protection to all human evils are growing under full blessing of this police station. With immediate effect sack this police station OIC.
මෝටර් බයිසිකල් අනතුරු වලට ප්‍රධාන හේතුවක් ලෙස නොපෙනී යාම කිසිසේත් සාධාරණිකරණය කල නොහැක. මෝටර් බයිසිකලයක් නොපෙනෙන තරම් ඇස් නොපෙනෙන කිසිම රියදුරෙක් නොමැති බවත් මෝටර් බයිසිකලයක් නොපෙනේ නම් ඔහු කිසිම විටෙක රියදුරෙක් විය නොහැකි බවත් මගේ හැගීමයි.
මෝටර් බයිසිකල් අනතුරු වලට ප්‍රධාන හේතු ලෙස මම නම් දකින්නේ
මෝටර් බයිසිකල් කරුවන්ගේ නොසැලකිලිමත් බයිසිකල් පැදවීමයි. මහපාර බයිසිකල් කරුවන්ගේ යයි සිතා කිසිදු මාර්ග නීතියක් නොසලකා පාරේ සිග් සැග් ක්‍රමයට බයිසිකල් පැදවීම සුලබ අත්දැකීමකි. වාහන දෙකක් අතර ඇති ඉතා කුඩා ඉඩකින් හෝ රිංගවමින් බයිසිකල් ධාවනය, අධික මාර්ග තදබදයන්හිදී ප්‍රති විරුද්ධ පැත්තෙන් බයිසිකල් පැදවීම, අන් වාහන වලට ඉස්සර කිරීමට ඉඩ නොදී හෙමින් ධාවනය (මෙය එම බයිසිකලයන්හි උපරිම වේගය විය හැක) මෝටර් බයිසිකල් අනතුරු වලට ප්‍රධාන හේතු වේ.
චිරන්ත අමරසිංහ නමැති මෙම ලියුම්කරු බත් නොකන පුන්නක්කු කන පුද්ගලයෙක් විය යුතු බව මගේ හැගීමයි.
Well Said bro. Me meeharaka Bus gemunu’s Brother. I Hope This Kind a man good for President of our country.
Bus gemunu should be PM and pirimi
Nurse as finance or defence.