මාර්ග තදබදයට විසදුමක් කියා කාර්යාල වේලාවන් වෙනස් කරයි.. “පෙ.ව.09.30-ප.ව. 05.30”

October 22, 2016 at 5:30 pm | lanka C news
මාර්ග තදබදයට විසදුමක් කියා කාර්යාල වේලාවන් වෙනස් කරයි.. “පෙ.ව.09.30-ප.ව. 05.30”

රට පුරා නගරාශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පවතින මාර්ග තදබදයට විසදුමක් ලෙස කාර්යාලීය වෙලාවන් වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

කාර්යයාලීය රාජකාරී ආරම්භ කරන වේලාව පෙරවරු 09.30 සහ අවසන් වන වේලාව පස්වරු 05.30 ලෙසත් පැට අටක සේවා කාලය වෙනස් කිරීමට දැනටමත් යෝජනා වී ඇත.

මෙහි නියමු ව්‍යාපෘතිය බත්තරමුල්ලේ පිහිටි රජයේ කාර්යාලවලින් ආරම්භ කර එහි සාර්ථකත්වය මත රටු පරා ක‍්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

දැනට කාර්යාලීය වේලාවන් වන්නේ පෙරවරු 08.00ත් පස්වරු 04.00ත්ය.

93 views
Main News