මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරයි…

September 14, 2020 at 2:11 am | lanka C news
මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරයි…

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කලමාණාකරනය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් රටපුරා මාර්ග දෙපස පැල දස ලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඔහු මේ උපදෙස් ලබා දුන්නේ අමාත්‍ය ශ්‍රවණාගාරයේදී දැනට ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

ඒ ඒ  පලාත් වලට ආවේණික මාර්ග දෙපස සිටුවීම සදහා වඩාත්ම ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීම සිදු කරන ලෙසද ඒ සදහා  විශේෂඥ සහය ලබාගන්නා ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන  ලදී.

මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැවසූවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග සාකච්ඡා කර කඩිනමින් මාර්ග දෙපස සිටුවිය යුතු හා ඒ ඒ පලාත් වලට ගැලපෙන ශාක ප්‍රභේදයන් හදුනාගැනීමට කටයුතු කරන බවයි. ඇහැළ, කුඹුක්, කොහොඹ යන ශාක ප්‍රභේද කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද නිලධාරින් අමාත්‍ය වරයා වෙත පවසන ලදී.

මෙම හරිත ව්‍යාපෘතීයේ ආරම්භය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන කිරීමේදී පරිසරයටද ප්‍රමුඛස්ථානයක් දියයුතු බවද අමාත්‍ය වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

13,676 views

7 Comments to “මාර්ග දෙපස පැල දසලක්ෂයක් සිටවීමේ හරිත ව්‍යාපෘතිය කඩිනම් කරයි…”

  1. saman says:

    මෙය ඉතාම හොද ස0කල්පයක්. සියලුම කෑලෑ විනාශ කර මාර්ග අසල ගස් හිටවමු.

    • Hudson says:

      Yes, while they destroy sinharaja and other forests in putlam, Matale they can grow plants eitherside roads. Sir is a brilliant. Respect Sir.

  2. A Sri Lankan says:

    A very good idea provided this is co-ordinated with CEB LECO SLT and NWSDB.

  3. Ravindra says:

    ශාක සිටුවීම හොද සංකල්පයක් නමුත් ඒ වැඩේ නිශ්පල නොවන්නට නම්
    01. මාර්ග රක්ශිතය හා ඉදිරි සංවර්ධන කටයුතු සදහා යොදාගන්නා සිමාවන් මනාව ලකුණුකර ඉන් පිටත පමණක් ශාක සිටුවිය යුතුයි. නැත්නම් යම් දිනක පාර විශාල කිරිමදි හෝ විදුලි රැහැන් ඇදීමේදී ඒ්වා කපාදැමෙනු ඇත.
    02. ඒ්වා රැකබලාගැනීම ජලය ලබාදීම නඩත්තුව හා මාස 06කට වරක් මියගිය පැල සංගනනය හා ප්‍රගතිය සමාලෝචනය කල යුතුයි. පසුගිය කාලේ සිටවු පැල දැන් පාරවල් වල නැතිනිසා කරනදේ ඵලදායි වියයුතුයි.

  4. දනංජය says:

    මාර්ගරක්ශිතයේ මායිම මායිමක් වන ඉඩම් අයිතිය ඇති ඉදිකිරිම් පමණක් ඉතිරිකර සියලු මාර්ගරක්ශිත අනවසර ඉදිකිරීම් ඉවත්කල යුතුයි.

    බොහෝ ප්‍රදේශවල මාර්ග රක්ශිතය අල්වාගෙන අනවසර ඉදිකිරීම් කර ඇති අය වනරක්ශිතයේ අඩියෙන් අඩිය ඒලිපෙහෙලිකර දැන් අක්කර ගනන් ඉඩම් අල්වාගෙන වනය විනාශකර ඇත. උදාහරනයක් ලෙස මහනුවර මහියංගන මාර්ගයේ කහට ගොල්ල 18 වංගුව ආරම්භය හා අවසාන ප්‍රදේශවල හා උඩුදහ ගම ප්‍රදේශයේ මුලින් මාර්ගයේ කුඩා පෙට්ටි කඩ අටවාගත් අය අද වටිනා ගහකොල පරිසරය විනාශ කර ඒම කඩ පිටුපසින් ඉඩම් ඒලිපෙහෙලි කර ඇත ඒ්වාට දඩුවම් කල යුතුයි නැත්නම් අනාගත පරපුර මේවාට බය නැතිවේවි

  5. kings says:

    ඉතාමත් හොඳ වැඩක්. කෙසේ වෙතත් පැල සි‍ටුවීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය ලකුනු කර ඇති සීමාවට ඇතුලෙන් සි‍ටුවිය යුතුයි. එසෙන් නොමැති නම් මාර්ග සංවර්දන අධිකාඉය වසර 15 කට පෙර සීමා ලකුනු කරන අවස්ථාවේ පැල සි‍ටුවීම කල යුතුයි. උදාහරන ලෙස නුවර පාර පුලුල් කිරීමේදී තිහාරිය නගරය අවට රඹුටන් වෙළඳුන් සිටි ප්ර්දේශයේ RDA සීමා ලකුනු කලේ වසර 15 කට පමන පෙර. ඒ කාලයේ ගස් සිටවූවානම් අද කාන්තාරයක් වගේ තියන ප්‍රදේශ එහෙම වන්නෙ නැහැ.
    අනිත් කාරණය අඹ වගේ පලතුරු ගස් ටිකක් හිටෙව්ව නම් වඩාත් පලදායි කියලයි මට හිතෙන්න.

  6. senanayake says:

    pls dont use dangerous trees like akesia,pihibiya etc. pls refer to the book -shaka thrastawadaya- by professor jayawardana when selecting trees. use our own fruit trees. also make a proper long term plan considering road development,CEB work,space management and accessabilty etc. then follow a good nurturing system.

Leave a Comment

Main News