මාර්ග නීති දඩ රුපියල් 25,000 දක්වා වැඩි කරන්නැයි යෝජනාවක්..

November 19, 2016 at 2:10 pm | lanka C news
මාර්ග නීති දඩ රුපියල් 25,000 දක්වා වැඩි කරන්නැයි යෝජනාවක්..

මාර්ග අනතුරු අවම කිරීෙමි වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාෙවි දී පැවැත්විනි.

එහිදී පාසල් බස් රථ රියදුරන් සහ ත‍්‍රී රෝද රථ රියදුරන් දැනුවත් කිරීෙමි වැඩසටහනක් ද පවත්වන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

‘බෝනොවන රෝග වලින් මියයන සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. බෝවන රෝග පාලනය කර ඇති අතර, මාතෘ මරණ ද අවම කර තිබෙනවා. වාණිජමය සමාජ තත්ත්වය හේතුවෙන් බෝනොවන රෝග වැඩිවී ඇත්තේ නව ආහාර රටාවත් සමගයි. දුම්කොල පාලනය කිරිම සදහා විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මකයි. දුම්වැටි සදහා සියයට 90 ක බදු ප‍්‍රතිශතය ක‍්‍රීයාත්මක කිරීම, සුදු පැහැති සිගරට් පැකට් හදුන්වාදීම ඒ අතර වෙනවා. දුම්කොල පාලනය කිරිම සදහා වැඩිම ක‍්‍රීයාමාර්ග ගත් රට ශ‍්‍රී ලංකාවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යසාර විරෝධිී වැඩපිළිවෙල ක‍්‍රීයාත්මක වෙනවා.

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල මා විසින් අඩු කළා. එහි ප‍්‍රතිඵල මට ද දැනී තිබෙනවා. මාගේ රෝග සදහා ලබාගන්නා ඖෂධ වර්ග වලට මිීට පෙර රුපියල් 4250 ක් වැය වුනා. නමුත් දැන් වැය වන්නේ රුපියල් 1025 ක් පමණයි. වාණිජකරණය හේතුවෙන් මාර්ග අනතුරු ද වැඩිවී තිබෙනවා. මාර්ග සංවර්ධනය කිරීමෙන් අනතුරු වැඩි වී ඇති බව මම ප‍්‍රකාශ කරනවා. මෙම අනතුරු පාලනය කිරීම සදහා මාර්ග නීති පද්ධතියක් අවශ්‍යයයි. පාර හරහා මාරුවීෙමි සිට මිනී මැරීම දක්වා නීති රීති අවශ්‍ය බව මාගේ අදහසයි. අපේ රටේ ජනතාව දන්නේ නැහැ මාර්ගය හරහා පනින ක‍්‍රමයවත්. විනයක් නැහැ. විනයක් නොමැති නම් රටක් සංවර්ධනය කරන්නත් බැහැ. රජයන් මාරු වුනාට වැඩක් නැහැ. අයවැය මගින් බස් රථ රියදුරන් සිදු කරන වැරදි සදහා රුපියල් 2500 ක දඩ මුදලක් අය කිරීමට යෝජනා කළා. ඊට එරෙහිව වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට සුදානම් වෙනවා. දඩ මුදල් අය කරන්නේ බලපත‍්‍ර නොමැති පුද්ගලයෙකු රිය ධාවනය කිරිම, අඩු වයසේ පුද්ගලයෙකු රිය ධාවනය කිරීම සහ බීමත්ව රිය ධාවනය කිරිම යන කරුණු 03 සදහා පමණයි. මම නම් කියන්නේ මෙම වැරදි වලට රුපියල් 2500 ක් නොව රුපියල් 25,000 ක දඩ මුදලක් නියම කළ යුතු බවයි. එවිට තමයි වැරදි කරන පුද්ගලයාට හොදටම තේරෙන්නේ.

බෝවන රෝග පාලනය කිරිම සදහා බීමවර්ග වලට වර්ණ සංකේත ක‍්‍රමයක් හදුන්වා දුන්නා. ඊටත් බලපෑම් එල්ල වුනා. දැන් අධික සීනි භාවිත කළ බීම සමාගම් බීම බෝතලයක සීනි ප‍්‍රමාණය සියයට 10 කින් අඩුකර තිබෙනවා. ඉදිරියේ දී තවත් සීනි අඩු කිරීමට ක‍්‍රමෙවිද සකස් කරනවා. රසකැවිලි සදහා ද වර්ණ සංකේත ක‍්‍රමයක් හදුන්වාදීමට සුදානම්.”

– නිපුන් ඒකනායක

28 views

2 Comments to “මාර්ග නීති දඩ රුපියල් 25,000 දක්වා වැඩි කරන්නැයි යෝජනාවක්..”

  1. Ajith says:

    These are better decisions.
    Thank You.

    • Shelton says:

      I agree, strict punishments are required for errant drivers and other law-breakers. Rajitha is one of them!

Main News