මාර්ග බාදකයේදී අහඹු පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 75ක් හදුනාගනී..

December 23, 2020 at 3:00 pm | lanka C news

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇතුල්වන කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථා මත 22වන දින නව කොවිඩ් ආසාදිතයන් 08 දෙනකු හදුනා ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

එම නව කොවිඩ් ආසාදිතයන් අට දෙනාගෙන් ලිදුල ප්‍රදේශයෙන් 05 දෙනකුද, අඹගමුව, කොටගල, මස්කෙළිය, යන ප්‍රදේශවලින් එක් අයකු වශයෙන්ද හදුනාගෙන ඇති බවද ඔහු පවසන ලදි.

කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්.පරික්ෂන මත මේ වන විට කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හදුනාගෙන ඇති බවත් මෙම සියලුම දෙනා බස්නාහිර පලාත ඇතුළු විවිධ ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශයට පැමිනි පිරිස් බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

එමෙන්ම අලුතින් හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

29,048 views

2 Comments to “මාර්ග බාදකයේදී අහඹු පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 75ක් හදුනාගනී..”

  1. රන්වල says:

    ඕකට විසදුම විස්ව සක්ති මුට්ටි දැම්ම වගේ සියලු ගන්ගා ජලාස වලට පැනි මුට්ටි හලන්ට ඕන ඊට පස්සෙ රට වැසියා පැනි බීල නාල කොරෝනාවට ඔරොත්තු දෙන තත්වෙට එනව.ආයි පී සී ආර් ඕනිත් නෑ.ඕනිම නම් ජන්ගම කාලි දේවාලයක් හදල දම්මික වෙදැදුරු ඒකෙ නග්ගලා ගමින් ගමට යවල කාලි බැල්ම දෙතෑකි .දෙරණට පුලුවන් වැඩේ නග්ගල ගන්න.

  2. MD says:

    ඕක තමයි ඉතින් දැන් කරන්න තියෙන්නෙ.සිංහල දමිළ මුස්ලිම් කාටවත් තමන්ගේ භාෂාවෙන් කියන දේවල් තෙරුම් ගන්න උවමනාවක් නැත්නම් ආණ්ඩුවට සෞඛ්‍ය අංශ වලට දොස් කියලා වැඩක් නෑ නේ.දැන් ඉතින් TEST TEST TEST ඔහොම යන්

Main News