මාර්ග බාධකයේදී අහඹු පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 85 දෙනෙකු හදුනාගනී..

December 29, 2020 at 3:50 pm | lanka C news
මාර්ග බාධකයේදී අහඹු පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 85 දෙනෙකු හදුනාගනී..

පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට පැමිනෙන එක් මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 85 දෙනකු හදුනා ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

එම කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අය බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයන්ට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙම මාර්ග බාධකයේදි සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සාර්ථකවි ඇති බවත් එම තත්වයන් මත මෙම ස්ථානයේ දිගින් දිගටම අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කිරිමට පියවර ගන්නා බවත් මෙසේ හමුවු කොවිඩ් 19 ආසාදියන් බස්නාහිර පලාතේ විවිධ ප්‍රදේශවල මෙම ප්‍රදේශයන්ට පැමිනෙන පිරිස් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

13,495 views

8 Comments to “මාර්ග බාධකයේදී අහඹු පරීක්‍ෂාවෙන් කොරෝනා ආසාදිතයන් 85 දෙනෙකු හදුනාගනී..”

  1. Ravana parapura says:

    සියලු දෙනාට හෙළ ඔසු රජයෙන් නොමිලේ ලබාදෙන්න කොරෝනාවට එකම පිළියම හෙළ ඔසු පමණයි.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    පෝය දවසේවත් නිදහසේ ඉන්න නෑ… ලවුඩ්ස්පීකර් සද්දෙට කන් දෙක රිදෙනවා..

    • Pohotuva says:

      Same our area also. But we are paying taxes for peacefull life. Useless government.

    • සිරිමෙවන් says:

      කල්මුනේට හරි මූත්තුර් වලට පලයන් එච්චර දුර යන්න අමාරු නම් අටලුගම පලයන් නෙත්නම් කෙත්තාරාමෙ පිට්පස්සට පලයන් දවස කට 5ස් පාරක් අල්ල හුවබර් කියනව හෙමීට කනට එහෙන්නෙ නෙති විදියට .

      ඉන්න බෙරිනම් වෙන රටක පදිංචි යට පලයන්

  3. ජෝෂ් මැක්නමරා says:

    සෙල්ලහේවා, සිංහලද?

  4. Sir says:

    Seriously Maithree would have done a much better job.

  5. ITN 8 pass nethi Harak says:

    Api promote karana Ritigala Ganja peniya beepu ewun oya ahu wenne…? Ape ITN 8 pass nethi ewun serama biwwa eka …? Apitath hadeyida baye inne…! Harsha Dhananjaya Peris / Anura jayasekara/ sarath kumara perera ( ITN haal paruwo 8 pass nethi saha eta mirkana group)

Main News