මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 56%කට කොරෝනා…

April 29, 2021 at 10:00 am | lanka C news
මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 56%කට කොරෝනා…

අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් (24) දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (29) දින ලද පි.සි.ආර් වාර්තාව අනුව තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වි ඇති බවත්, එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

75,435 views

11 Comments to “මාර්ග බාධකයේ අහඹු පරීක්‍ෂාවෙන් 56%කට කොරෝනා…”

  1. රන්වල says:

    අප්‍රේල් මාසෙ මුල බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ කොවිඩ් රෝගීන් මෙරටින් හමු වෙද්දි නීති රීති තද කරල සන්චරණය සීමා කරා නම් අද මෙහෙම ආපදාවක් නෑ.මෝ ටෙස්ට් මෝ ලෙඩ්ඩු නෝ ටෙස්ට් නෝ ලෙඩ්ඩු හරි සිම්පල් අපි තමා හොදටම කලේ හැක් හැක් කියල බයියො අන්දන්න කෝටි ගණන් ගජ මිතුරන්ට දීල ගෙනාපු ටෙස්ට් කිට් වේලෙද්දි ටෙස්ට් කිරිලි නතර කරා ලෙඩ්ඩු නෑ කියල පෙන්නන්න.දැන් රටේ ප්‍රශ්න දරාගන්න බැරි තරමට වැඩි වෙද්දි පොහොර ටික ගේන්න වත් විදේශ විනිමය හිග වෙද්දි ආයි පන්දාහ දෙන්නවත් සල්ලි අච්චු ගහන්න බැරි වෙද්දි චීනට රට ලියල දෙන එකේ විරෝධය සමහන් කරන්න ඕනිවෙද්දි ටෙස්ට් කිරිල්ල පටන් ගත්ත.මෝ ටෙස්ට් මෝ ලෙඩ්ඩු නෝ ටෙස්ට් නෝ ලෙඩ්ඩු.

    • bayya says:

      කෝටි ගණන් ගජමිතුරන්ට දී ටෙස්ට් කිට් ගෙනා බව ඔබ දැක්කේ කෙසේද කොතැනද? දිනපතා රෝගීන් 300ට එහා පොසිටිව් ටෙස්ට් වෙද්දී ටෙස්ට් කිට් වේලන ක්‍රමය කුමක්ද? පොහොර ලබාදෙද්දි ගේන්න සල්ලි නෑ යැයි ඔබට හැඟුනේ කෙසේද? අච්චු ගහන්න බැරිවෙද්දී 5000 දීමනාව අවසන් වන අදියරට පැමිනියේ කෙසේද? තවම උසාවියේ විභාග වෙන පනතකට චීනට රට ලියන්නේ කෙසේද ? ලිව්වේ කවදාද? පොර්ට් සිටිය බහුතර ඉඩම් පා.ච. රණවක විසින් UNP සමඟ එක්ව 99 අවුරුද්දට දුන් දිනයද?

    • Toyya says:

      Ado Ranawal, Ethakota Sajithtada ban hodata keranna puluwan.

      nikan palayeeeen ban yanna

  2. කැප්පෙටිපොළ says:

    ඔකට්ටියත් ඒක්ක කොම්පිට්ටු හදන්න මට බැ ඔනනම් ධර්මය ගැනකථා කරමු. මොකද සබ්බෙ ධම්මා අනාත්මායි එනම් මේ ලොකේ තියන එක ආර්ථික න්‍යායක් වෛද්‍ය න්‍යායක් දේශපාලන න්‍යායක් වසගේ පවත්වන්න බැ. දැන් මට හෙල වෙදකම හරි බටහිර වෙදකම දෙකෙන් කෝක තිබුනත් මම කියන්නෙ තිරස්චින විද්‍යා කියා. මම දන්නෙ චතුරාර්යය සත්‍යය නැතිනම් පටිච්ච සමුප්පාදය විතරයි හරිවෙදකම ලෙස. මම දන්නෙ එක දෙයයි බුදු හාමුදුරුවො ධර්ම රත්නය හා මහා සංඝරත්නය හා කිරිබත්ගොඩ ගුරුදෙව් මාව එගොඩ කරා කියලා. මට දැන් කථා කරන්න දෙයක් නැ

  3. Hudson says:

    Api thamay hondatama korala thiyenne….

  4. බන්ඩා says:

    මේ පාර මිනිස්සු අවුරුදු කෑවෙ කොරෝනාව අහලවත් නැති ගානටය්. ලංකාව ඉන්දියාවට වඩා අන්ත උනොත් පුදුම වෙන්න එපා.

  5. බන්ඩා says:

    මේ පාර මිනිස්සු අවුරුදු කෑවෙ කොරෝනාව අහලවත් නැති ගානටය්. ලංකාව ඉන්දියාවට වඩා අන්ත උනොත් පුදුම වෙන්න එපා. මම නම් ගෙදර තව තුන් දෙනෙක් සමග එන්නතුත් නැතිව සියයට සියයක් ආරක්ෂා සහිතව ඉන්නවා.

  6. පූට්ටුව ට පූ දීපු සුමනා අක්කා says:

    ගානක් නැහැ. තාම 56% නේ. අනිත් එක ඔය කිව්වට තාම දවසට මැරෙන්නේ 10 ටත් වඩා අඩු ගණනක් නේ. ඔය අහඹු පරික්ෂණ කිරිල්ලෙන් වෙන්නේ මිනිස්සු බය වෙලා රට ලොක් ඩවුන් කරලා ආර්ථිකේ කඩන් වැටිලා රට අස්ථාවර වෙලා පොහුට්ටු ව අසමත් කියලා අන්තර්ජාතික ය දැන ගන්න එක. ලැබෙන්න තියන ණය උනත් නොලැබී යයි.
    ඔන්න ඉන්දියාව වගේ උනා නම් තව සලකබලන්න තිබ්බා.

  7. රතු තොල් ලොකු කම්මුල් ලොකු කට දයිනා says:

    ගානක් නැහැ. තාම 56% නේ. අනිත් එක ඔය කිව්වට තාම දවසට මැරෙන්නේ 10 ටත් වඩා අඩු ගණනක් නේ. ඔය අහඹු පරික්ෂණ කිරිල්ලෙන් වෙන්නේ මිනිස්සු බය වෙලා රට ලොක් ඩවුන් කරලා ආර්ථිකේ කඩන් වැටිලා රට අස්ථාවර වෙලා පොහුට්ටු ව අසමත් කියලා අන්තර්ජාතික ය දැන ගන්න එක. ලැබෙන්න තියන ණය උනත් නොලැබී යයි.
    ඔන්න ඉන්දියාව වගේ උනා නම් තව සලකබලන්න තිබ්බා.

  8. Truth says:

    We can see people blame uk for the virus it’s our fault silly fool blame on others

  9. DENZIL says:

    Hama pattama comments dana gobbayannata mama keyanna .prsna hareyata adunaganella.pata kanade walen ballana natuwa.

Main News