මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි..

November 19, 2019 at 6:35 am | lanka C news
මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි..

රට පුරා මාර්ග සංවර්ධනයේදී ම නාම පුවරු වල මාර්ගයේ නම පමණක් යොදන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.

එම පුවරුවල කිසිදු දේශපාලඥයෙකුගේ නම් හෝ පින්තුර ඇතුලත් නොකරන ලෙසද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

රාජ්‍ය ආයතන වලද ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකරන ලෙසත් රාජ්‍ය ලාංඡුනය පමණක් ප්‍රදර්ශනය කරන දන්වා තිබේ.

53,592 Viewers

29 Comments to “මාර්ග සංවර්ධනයේදී පුවරුවල මාර්ගයේ නම පමණයි.. දේශපාලක නම් පින්තූර තහනම්..- ජනපති දන්වයි..”

  1. Saman says:

    හෆොයි ගෝටා බයියෙක් නෙවේ වගේ. අපේ බයි මැති ඇමතිලට මක්කෙයි දැන් වෙන්නෙ?

    • ගෝමස් says:

      මේ පැමිණ තිබෙන්නේ ලංකාවේ අනාගත මග පෙන්නන්නායි. ඔහුගේ විදියට හැඩගැහෙන මැති ඇමතින්ට සහ ඔව්න්ගේ දරු මුනුපුරන්ටත් මිනිස්සු ගෞරවයෙන් සලකාවි.

    • කිරිමෙල් says:

      අපොයි බයියෙක් තමයි. බයියො තමයි හැමදාම දෙස, බස, රැස රැකගත්තෙ. කවමදාවත් පාවාදීමක්, පාවාදීම් වලට සම්බන්ධවීමක්, හෝ ඒ සඳහා කැමතිවීමක් හෝ සිදුකර නොමැත. අයියල, අප්පොල, නිලමෙලා තමයි තාන්න මාන්න බලාගෙන හැම පාවාදීමක්ම කරේ

  2. dan says:

    අමත්‍යන්ස වලට ලේකම් වරු විදිහට ඔක්කොම හිටපු හමුදා නිලධාරින් දාන්න යන්නෙ. වැඩි කාලයක් යන්නෙ නෑ හොරකම් කරන්න ක්‍රමයක් නැතුව ඇමතිලා ගෝටාට විරුද්ධව කුමන්ත්‍රන පටන් ගන්න.

    • realman says:

      Ethin aka hoda nedda? Aka thama apitath karanna one kama thibune

    • වෙරිසොරි says:

      බෑ. මුල ඉඳන්ම හොරකමට වැට බැන්දම ඇමතිලාට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ. කුමන්ත්‍රණ කරන්න ගියොත් උන් හොරු බව ජනතාවට හෙලිවේවි.

    • T says:

      Lekam waru pamanak nowe hmuda palanya uakin hari Rata goda damith athi adu taram in maru para pura ta Wath nidhas nivahal jivitayak gatthe karanna.

  3. 77 UNP says:

    රාජ්‍ය ආයතනවල දේශපාලකයන්ගේ පින්තූර එල්ලීම පිළිබඳව හොඳම වාර්තාව තියෙන්නේ මාර පියාණන්ගේ. පින්තූරය සඳහාම චක්‍රලේඛනයක්ද නිකුත් කරතිබුණි. ඒ අනුව පින්තුරයේ උස, පළල, රාමුව, ආදී නොයෙක් විච්චුරණ සහිතව චක්‍ර ලේඛනයේ නියමකරණ උසක චක්‍ර ලේඛනයේ නියමකරණ තැනක මාර පියාණන්ගේ පින්තූරය එල්ලා තිබිය යුතුවිය. ඒවා චක්‍ර ලේඛනයේ ආකාරයට නියමිතලෙස තිබේදැයි පරීක්‍ෂාකර බැලීම ලෝරන්ස් පොලිසියේ වැදගත් කරය භාරයක් විය. යම් වැරැද්දක් සිදුවී තිබුනානම් ආයතන ප්‍රධානියා වගකිවයුතුවිය. පුතාණෝ පරාජයකිරීමෙන් ආයතන ප්‍රධානින් නූලෙන් බේරුණි. නැතිනම් මේ දිනවල රාජ්‍ය ආයතනවල ප්‍රධාන කාර්ය පුතාණන්ගේ (සහ පියාණන්ගේ) පින්තුරය එල්ලීමයි.

    • exUNPer says:

      ඔව්. පුතානෝ කිව්ව එයාට ත් තියෙන්නේ ප්‍රේමදාස ජාන බව.
      එයා ආව නම් හොඳ හොඳ ගොන් සෙල්ලම් බලන්න තිබුනා .
      පියානෝත් නූගතා නිසා උගත්කම ඇති අයට අපහාස කරමින් තමන් ට ඊට වඩා හැකියාවක් දැනුමක් තිබෙන බව පෙන්නන්න දැගලුවා.
      පුතානෝ ත් ඒ ටිකම වේදිකාවල කිව්ව.

    • Dp says:

      පුතානෝ ගියෙත් ඒ පාරේම තමයි . නිකන් දෙනවා කියල ගෙවල් හදන්න ලක්ෂ 5-6 දුන්න .ඒක බාරගන්න අත්සන් කරන්නේ බැoකු නයක්.
      ඒ ගේ හදලත් එයාලා කියන පාට ගන්නත් ඕනේ .එයාල දෙන සජිත්ගේ ෆොටෝ එක ගේ ඉස්සරහ ගහන්නත් ඕනේ.

  4. Politics says:

    This is the time to say …

    Sinhalyani Ekweyaw…

    All Sinhalese should get together… If Minorities can do this why can’t we..

    We should prove the world that we are a grate people who respect other minorities as well.

    Also we call upon our Tamils and Muslim Friends also to join.

    Mr. Gotabhaya will give us a very good country where all could be together.

    • pure sinhalese says:

      Very true. Our Sinhalese people does not know what is the unity. For power hungry and greediness of hidden ides politicians sling mud to each other. Minority in this country force main political parties to meet their unfair demands and forced to do it. Now time has come to us get unity to build our country and nation.

    • කිරිමෙල් says:

      Yes, let us all join together and do it! That is the teaching of The Buddha. No divisive words or actions and only such words to develop amity and mutual respect.
      Lets do it!

  5. Bandq says:

    ඔබ තුමා රට හදන්න අපි ඔබතුමා වෙනුවෙන් මැරෙන්න හරි එනවා.

  6. Bandq says:

    එහෙම කුමන්ත්‍රණ කලොත් මිනිස්සු උත්තර දෙයි ඒ හොරුන්ට

  7. Bandq says:

    සියළු පුරවැසියන්ට සමානව සලකන රටක් අපේක්ෂා කරමු.

  8. ගැමුණු says:

    නව දේශපාලන සංස්කෘතියක ඇරඹුම … ඇත්තටම සතුටුයි … ශ්‍රී ලාංකික අපි නිවැරදි තීරණයක් ගත් අවස්ථාවක් …

  9. Ka says:

    niyamai ohoma yamu
    බාර් ලග බොන අයටත් ??????

  10. නුවන් says:

    ෆොටෝ කම් ගහගත්තත් කමක් නෑ පාරවල් හරි නිර්ණායක අනුව හදනවනම්. ප්‍රාෙද්ශිය සභා මාර්ගය අඩි 20ක් පළළ විය යුතු නම් ඇයි අඩි 20 පලල කියන්නැත්තේ්‍? වාහන දෙකක් මාරු වෙන්න බෑ. වාහන එන එන සැරේට පාරවල් ඇදෙනවැයැ. ඔන්න ඔ්ක කරොත් ගෝට ඇත්තටම වැඩ්ඩ.

  11. sajith dasa prema says:

    LOvely Sir

  12. chandana says:

    රටට අවශ්‍යම නායකයෙක්.

  13. ajith says:

    වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙනවා.ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත කාලය අවසන් වීමට පෙර එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරියහොත් තමන්ට හිමි වීමට නියමිත මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහිමි වන බවයි.

  14. Mangala Kumara Rathnayake says:

    ගරු ජනාධිපති තුමණි
    වෛරී මඩ දේශපාලන සංස්කෘතියට තිත තැබීමට ගරු ජනාධිපති තුමනි හැකි ඉක්මනින් කටයුතු කල යුතුව ඇත. දැන් ලොම් හැලීගිය රැලි වැටුනු කාලකණ්නි හොරු දේශපාලනයට පාර්ලිමේන්කුවට සහ අමාත්යාං ශ කිසිවකට නොගත යුතුය, තරුණ ජවයක් සහිත හොද උගත් බුද්ධිමත් තරුණ පරම්පරාව පාලනය සදහා එක් කර ගත යුතු කාලයයි. දේශපාලනයට පිවිසෙන මහජන නියෝජිතයින් සදහා අවම වශයෙන් උපාදියක් හෝ ඊට සමාන සුදුසුකමක් නාමයෝජනා ඉදිරිපත් කිරීම සදහා සුදුසුකමක් ලෙස ව්ය්වස්ථාවට ඇතුලත් කල යුතුයි. ජනාධිපතිවරණ අපේක්ෂකයකු රු, 50,00000.00 ක පමන ඇපයක් තැන්පත් කල යුතු බවට ව්‍යවස්ථාව සංශෝධනය කල යුතුයි. නැතිනම් ඉදිරියේදී යාචයින්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බැවිනි.

  15. මාතර සුනිල් says:

    ගරු ජනාධිපතිතුමනි, සැමට එකම නීතියක්.
    එක විවාහයයි, දරුවෝ 2හෝ 3යි, නීතිගත කරන්න. අර ආගමට එක නිතියක්, මේ ආගමට වෙනත් නීතියක් බෑ.
    සැමට සිංහල, ඉංග්‍රීසි,, දෙමළ භාෂා තුනම අනිවාර්ය කරන්න, සිංහල රාජ්‍ය භාෂාව කරන්න. උසාවි නඩු ඇසීම සහ තීන්දු දීම සිංහලෙන් කරන්න.

    • kdtv says:

      Tamil manussayek gvr office ekakata gihin wedak karaganne kohomada?
      Eya okkoma peththakadala sinhala iganaganna onada?Jaffna Tamil unta sinhalen nadu ehuwoth mokada wenne unta Sinhala be.
      Apita tamil be wage

      • Gonsun says:

        Ooi, mama Gonsun unata, thamuseya thiyenne aba eta molayak.
        Engalantheta gihilla puluwannam Demalen Liumak erala balanawa, Naduwakata gos demalen nadu kiyanawa.

        Jathi drihi kuhakaya.

  16. sura says:

    ගරු ජනාධිපතිතුමනි,

    ශ්‍රී ලාංකික අප සැමට ම එක රටක් වගේම, ජාති ආගම් භේදයකින් තොරව, එකම නීතියක් ගේන්න.

    අපි අපේ වගකීම උපරිමයෙන් ඉටුකළා, අපට විශ්වාසයි, ඔබතුමාගේ පොරොන්දුත් ඒ වගේම ඉටු කරාවි කියලා.

    රටට ජය!!!!!!!!!!!!!!!!

  17. SL says:

    මැතිවරණයකට එක අපේක්ෂකයෙකුට කළහැකි වියදම් ප්‍රමාණය සීමා කරන්න.සියලුම මුද්‍රණ රජයේ අනුකුලතා වලට එකඟව .

  18. mdd says:

    perfect decision

Main News