මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශය 2015 සිට කෝටි 2500ක් ණයයි..

December 20, 2019 at 2:17 am | lanka C news
මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශය 2015 සිට කෝටි 2500ක් ණයයි..

පසුගිය ආණ්ඩු සමයේ මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශය විසින් මහජනතාවගෙන් පවරාගත් ඉඩම් සඳහා 2015 වසරේ පටන් මේ වනතෙක් ගෙවීම් සිදු කර නොමැති බව ත් ගෙවීමට ඇති මුදල් ප්‍ර‍මාණය බිලියන 25 ක් පමණ වන බව ත් වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු පවසයි.

නමුත් නෑ බෑ නොකියා සියලුදෙනාගේම විශ්වාසය රකිමින් රට වෙනුවෙන් ඉතිහාසගත ඡන්ද සංඛ්‍යාවක් ලබාදෙමින් ක්‍රියාකළ ජනතාවගේ සුභසිද්ධිය සඳහා ත් රටේ සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාවට නැංවීම සඳහා ත් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට මෙම වසර පහ තුළ ක්‍රියාකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ බව පැවසූයේ පසුගියදා (18) කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවේ දී අදහස් දක්වමිනි.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදිව හිටගත්තා අනන්ත අප්‍ර‍මාණ ප්‍ර‍ශ්න අභියෝග එද්දී. රට වෙනුවෙන් තමුන්නාන්සේලා හිටගත්තා ඒ නිසා ඉතිහාස ගත ඡන්ද සංඛ්‍යාවක්, හැට නව ලක්ෂයක් ගත්තා. ඉතිහාසගතවෙන ජයග්‍ර‍හණයක් ලබාදුන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඒකෙ ප්‍ර‍තිලාභ මම කිව්වේ ඒකයි අපිට ලැබිච්ච දේවල් නෙවෙයි. මේ තනතුර මහින්ද රාජපක්ෂ මහත්තයා, අපේ ජනාධිපතිතුමා දැඩි විශ්වාසයකින් මට ලබලා දුන්නේ. ඒ විශ්වාසය පළුදු වෙන තැනට අපි වැඩ කරන්නේ නැහැ. සැබෑ ලෙස ජනතාවගේ ප්‍ර‍ශ්න විසඳලා සහ රටේ ජනතාවගේ මාර්ග පද්ධතිය වේවා, වරාය වේවා ඉතාමත්ම දියුණු තත්ත්වයකට මේ අවුරුදු පහේ දි ගේනවා කියලා මම තමුන්නාන්සේලාට මතක් කරනවා. මේ අමාත්‍යංශ කාලා විනාශ කරලා ඉවරයි. ඇත්ත කතන්දරේ ඒකයි. ආවොත් සමාජයක කෙළින් හිටගෙන මැද මාවතකට දාන්න අඩුගානේ දවස් තිහක් වත් යයි.

මේ නිලධාරීන් දන්නවා. 2015 වර්ෂයේ ඉඳලා දැන් තියෙනවා බිලියන 25 ක් මාර්ග අමාත්‍යංශය ගෙවන්න. ගෙවලා නැතිව. ඉඩම් පවරගත්ත ඒවට ගෙවලා නැහැ. සමහර මිනිස්සු ජීවතුන් අතර නැහැ. සමහර මිනිස්සුන්ගේ නිල නියෝගය නැති වෙලා. හදවතක් නැති මිනිස්සු ආණ්ඩු කරලා තියෙනවා මේ අවුරුදු හතරහ මාර තුළ. ඒක තමයි තිත්ත ඇත්ත. මම පසුගිය සුමාන තුනේ දැකපු දේවල් තමයි නිලධාරීන් සමග කතා කරලා. ලක්ෂ දහ දාහෙ ඒවා 25 ක් ගෙවන්න තියෙනවා. ලේසි නැහැ. එහෙම තියෙද්දි තමයි තමුන්නාන්සේලාට සල්ලි ටික වෙන්කෙරුවේ. නෑ බෑ නොකියා ඡන්දෙ දුන්න මිනිස්සුන්ට, උදව් කරපු මිනිස්සුන්ට අපි වැඩකරන්න ඕන. අපි නෑ බෑ කියන තැන නැහැ. අපි වැඩ කරනවා….” යැයි ද ගරු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය

– මාධ්‍ය ඒකකය

2,090 views

2 Comments to “මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශය 2015 සිට කෝටි 2500ක් ණයයි..”

  1. Sudath says:

    හම්බන්තොට අඩි 100 පාරට අපේ ඉඩම් පවර ගත්තෙ 2013 වර්ෂයෙ. 2015 නෙමෙයි මේ වෙනකම් අපිට වන්දි නෑ. තමුසෙල ඔක්කොම එකයි.

    • ලෙබ්බේ says:

      හම්බන්තොට නේද පුතනෝ ගෙන් ඉල්ලා ගනින්, සිමෙන්ති කොට්ට 3 කුත් එක්ක දෙයි, පස්සේ නය වශයෙන් කොටස් ගානේ ගෙවන්න පුළුවන්,