මාර්ග හැදීම ප‍්‍රමාද කරන කොන්ත‍්‍රාත්කරුවන් Black list.. ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු රජයට පවරා ගනී..

October 2, 2020 at 12:40 pm | lanka C news
මාර්ග හැදීම ප‍්‍රමාද කරන කොන්ත‍්‍රාත්කරුවන් Black list.. ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු රජයට පවරා ගනී..

ඉදිකිරිම් ප්‍රමාද වී කල් ඉල්ලා තවමත් ඉදිකිරිම නිම නොකරන ලද මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙසේ ඉදිකිරිම් කල් දමමින් සිටින කොන්ත්‍රාත්කරුවන්ව මහාමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි ව්‍යාපෘති සදහා සම්බන්ධ කර නොගැනීමටද අදහස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂයෙන්ම ඉදිකිරිම් කටයුතු නියමිත දිනට අවසන් නොකර තවත් කල් ඉල්ලා තවමත් මාර්ග වල ඉදිකිරිම් ප්‍රමාද කරන ආයතන ගැන වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී. සමහර මාර්ග වල ඉදිකිරිම් 2018දී අවසන් කිරිමට තිබුණත් තවමත් ඉදිකර නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී තිබෙනවා. කොන්ත්‍රාත් කරන ඔබතුමන්ලාට ප්‍රශ්න තිබෙනවා නම් කෙලින් කියන්න. වැඩ ප්‍රමාද උනාම ඒක රටටත් ජනතාවටත් හොද නෑ. ඔබතුමන්ලාටත් හොද නෑ. ටෙන්ඩර් දානකොට කරන්න පුළුවන්ද කියලා බලල දාන්න. වැඩ පහුවෙනකොට නාස්ති වෙන්නේ ජනතා මුදල්. ඒ නිසා මේ ව්‍යාපෘති කඩිනමින් ඉවර කරන්න. තවත් කල් දෙන්න බෑ. අපි ජනතාවට වගකියන ආණ්ඩුවක්. මේ පාරවල් ටික ප්‍රමිතියකට හා ඉක්මනින් හදලා ඉවරකරලා ජනතා අයිතියට පත් කරන්න ඕනේ. ඉදිරියේදී වැඩ ගොඩක් තියෙනවා. ඹබතුමන්ලා වැඩ පමා නොකර ඵලදායි, කාර්යක්ෂමව හා ප්‍රමිතියෙන් වැඩ කරලා රටේ සංවර්ධනයට දායකත්වය දෙන්න.”

ඔහු මේ බව සදහන් කලේ මාර්ග සංවර්ධන අධීකාරිය මගීන් මාර්ග ඉදිකිරිම් හා සංවර්ධනය කිරිම සදහා ක්‍රියාත්මක කරන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතියේ (i–Road) ඉදිකිරිම් ප්‍රමාද වී ඇති මාර්ග වල කොන්ත්‍රාත් ලබාගෙන ඇති කොන්ත්‍රාත් ආයතන සමග මහාමාර්ග අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා මාහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, මහාමාර්ග අමාත්‍යාංශයේ සැළසුම් අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහභාපති චමින්ද අතුළුවගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මෙන්ම කොන්ත්‍රාත් සමාගම් වල නියෝජිතයෝද සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

17,624 views

2 Comments to “මාර්ග හැදීම ප‍්‍රමාද කරන කොන්ත‍්‍රාත්කරුවන් Black list.. ඔවුන්ගේ කොන්ත‍්‍රාත්තු රජයට පවරා ගනී..”

  1. jinee says:

    contrath samagama wageema consultan team ekath waga kiyanna oona samahara project parakku wena ekata,oya i road kiyana magule vahanayai bike ekai bohoma amaruwen maaru wenne, aparade salli,tawa meter bagayak loku karananna tibune

  2. කාන්තාර පළඟැටියා says:

    ගෙවල් හදන්න කොන්ත්‍රාත් භාර අරගෙන පොල්ල තියෙන අය සම්බන්ධයෙනුත් මෙවැනිම පියවරක් අනුගමනය කරන්න ඕනෑ

Main News