මාර්තු මාසයේ ගාල්ලේ හදිසි මරණ 30ක්..

April 30, 2020 at 4:40 pm | lanka C news
මාර්තු මාසයේ ගාල්ලේ හදිසි මරණ 30ක්..

කොරෝනා මර්දනය වෙනුවෙන් ඇදිරි නිතිය ක්‍රියාත්මක ලද 2020 අප්‍රේල් මාසය තුල ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පමණක් හදිසි මරණ තිහක් (30) වාර්තා වන බව ගාල්ල පොලීසියේ ලේඛන වල සදහන් වේ.

ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ මෙසේ මියගිය පදිංචිකරුවන් වැඩි පිරිසක් දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් හා හෘද රෝගීන් වන අතර ඔවුන් වයස අවුරුදු 40 – 80 ත් අතර අයවලුන් වේ. ගාල්ල පොලිස් බල ප්‍රදේශය තුල සියළු හදිසි මරණ පරීක්ෂණයන්ට අදාල පොලිස් රාජකාරි සදහා සහභාගි වන්නේ ගාල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරීන් වන අතර අතර එම අංශයේ නිලධාරියෙකුද මෙම තත්ත්වය වැඩිදුරටත් සනාථ කළේය.

මාර්තු මාසයේ මෙවැනි හදිසි මරණ දෙකක් පමණක් වාර්ථා වු බවත් අප්‍රේල් මාසයේ එය 30 ක් ලෙස විශාල වශයෙන් වැඩි වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය. මෙසේ හදිසි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යෑමට හේතුව වී ඇත්තේ රෝගීන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම සදහා රෝහල් වල පැවැත්වෙන සායන වලට සහභාගි වීමට හා ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම නිසා බව ඔවුන්ගේ ඥාතීහු ප්‍රකාශ කරති. රෝහල් වල බොහෝ සායන නොපැවැත්වීම මෙන්ම ඖෂධ හල් වසා තැබීම වැනි හේතුන් මෙයට තදින් බලපා ඇති බවද මියගිය අයගේ ඥාතීන් හදිසි මරණ පරික්ෂණ උසාවි වලදී ප්‍රකාශ කර තිබෙන බව මේ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආශ්‍රිතව කරන ලද සොයා බැලීම් වලදී තහවුරු කර ගැනීමට හැකි විය.

මෙම තත්ත්වය මත 2019 වසර අප්‍රේල් මාසය වන විට සිදුව තිබූ හදිසි මරණ සංඛ්‍යාවට වඩා 2020 අ‌ප්‍රේල් මාසය අවසන් වන විට හදිසි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යැ හැකි බවද ගාල්ල පොලීසිය කියයි.

ගාල්ල පොලිස් බල ප්‍රදේශයට ගාල්ල නගරය අයත් වන අතර ඒ ආශ්‍රිතව ගාල්ල, කරාපිටිය හා මහ මෝදර ඇතුළු රජයේ රෝහල්, ගාල්ල සමූපකාර, සදර්න් ඇතුළු පෞද්ගලික රෝහල් මෙන්ම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන  විශාල ප්‍රමාණයක් තිබෙන අතර එය ගාල්ල දිස්ත්‍රික්කයේ වෙනත් පොලිස් බල ප්‍රදේශ වලට සාපේක්ෂව සෞඛ්‍යය පහසුකම් අතින් ඉතා හොද තත්ත්වයකි. එසේ තිබිය දී ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් මෙවැනි ඉහළ හදිසි මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් ලංකාවේ වෙනත් පොලිස් බල ප්‍රදේශවලින් ඉදිරියේදී එවන් මරණ සංඛ්‍යාවක් වාර්තා නොවන අයුරින් කටයුතු කිරීමට රජයේ බලධාරින්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් ගාල්ලේ මරණයට පත් රෝගීන්ගේ ඥාතිහූ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල ජයම්පති ද සිල්වා මහතාගෙන් කල විමසීමේ දී ඔය කියන සංඛ්‍යා ලේඛන ඇති මරණ සංඛ්‍යාවක් ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ සිදු වි ඇති බව විවිධ පැමිණිලි අංශයේ සටහන් වි තිබෙන බවත් ඊට හේතුව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ, බළපිටිය

41,663 Viewers

10 Comments to “මාර්තු මාසයේ ගාල්ලේ හදිසි මරණ 30ක්..”

  1. Gu VP, NP says:

    ekane welasana air port wahanna kiwwe, den monawa karannada?

  2. සිංහල බන්ඩා says:

    තමන්ට චන්දය දුන්න ජනතාව ගැන නොහිතන ආන්ඩුවක්.

    • Anti corona says:

      උද්ද්ච්ච් හමුදා මානසිකත්වයක් ඇති එවුං, කවද්ද බං පොඩි මිනිස්සු ගැන හිතුවෙ…මුංගෙ මේ පොලිස් නැටුම කවදා හරි ඉවර වෙන්ඩ ඕනෙ…එදාට, සිවිල් මිනිස්සු උත්තර දෙයි..

      • Lol says:

        Mona lokeda oya denna inne? Loke hamaratema police mewelawe minissunta ehemehe yanna denne naha. Gonkatha mewa.

        • Anti corona says:

          මහත්තයෝ…ප්‍රශ්නෙ මේකයි..අද, වෙනත් ලෙඩක් හැදිච්චි මිනිස්සුන්ට හෝ බෙහෙත් වලින් ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වැඩ ටික කර ගන්ඩ මේ ආන්ඩුව කිසිම වැඩ පිලිවෙලක් හදල නෑ. ඒ වගේ දේකට මුං සංවේදී නෑ…මේ පරෙයන්ට මිනිස්සුංගෙ දුක තේරෙන් නෑ…ප්‍රෙග්නන්ට් අයට විතරයි ක්ලිනික් කාඩ් පෙන්නල යන්ඩ පුලුවං…අනික් කිසිම ලෙඩෙකුට, අඩුම ගානෙ ඔපරේෂන් එකක් කරපු කෙනෙකුටවත්, ක්ලිනික් කාඩ් පෙන්නල යන්ඩ මේ පඩත්තල පොලිස් බල්ලො ඉඩ දෙන්නෙ නෑ…අප්පච්චිටනං ගෙදරම ඩංකන් වයිට් ඉන්නව…අපිට ගෙවල් වල ඩංකන් වයිට්ල නෑ…

          • COMMON MAN says:

            ANTI CORONA;
            Your target is very clear. You are taking political mileage. But it is a shame during this tragic situation. Government is trying to control a pandemic that effected to millions of deaths. Go to hell man.

  3. හෙලයා says:

    කොරෝනා රෝගය සියලු අවයව වලට බලපෑම් කරනවා.. රතු රුධිරාණු පවා විනාශ කරනවා..රෝග ලක්ෂණ පහල වන විට බොහොවිට රෝගය විශාල හානියක් කරල ඉවරයි. ඒකයි මේකෙ භයානක තාව
    තාම මිනිස්සුන්ට තියා ව්‍යිද්‍ය වරුන්ටත් මේක ගැන හරි හමන් දැනුමක් නැහ.. චීනයේ මුලින්ම මේක පැතිරෙන්න අරන් තියෙන්නේ පසුගිය නොවැම්බර් වල විතර ඉදලා බව රහස්‍ය වාර්තා වල තියෙනවා.. ඉතින් මේක හිත්නවට වඩා රටවල් ව්ලට ඇතුලු වෙලා තිබිය හැකි..උදා.. අමෙරිකාව ජනවාරි වලත් රෝගීන ඉදල

  4. Anti Corona says:

    මුංගෙ හරි වැඩ පිලිවෙලක් නැති හමුදා පාලනේ හින්ද, අනාගතේ මීට වැඩි පිරිසක් මැරෙන්ඩ නියමිත බව නම් පැහදිලියි…අදටත් වෙනත් ලෙඩ්ඩුන්ට, බෙහෙත් වලින් ජීවත් වෙන මිනිස්සුන්ට යන එන මං නැති වෙලා ඉවරයි…

  5. Senevi says:

    What is this is this March/April nonsense

    • wannihami says:

      What it says is that immediate deaths due to other illnesses have increased ten times or more. It was two in March and 30 in April, because in April clinics did not operate, people were stopped from going to the doctor or the pharmacy, they died at home without medical attention or medicine. You see it is not nonsense and I hope yo can understand it now.

Main News