මාර්තු 06දා සිට තරුණියක් අතුරුදහන්..

April 2, 2018 at 2:22 am | lanka C news
මාර්තු 06දා සිට තරුණියක් අතුරුදහන්..

අහුන්ගල්ල, මිද්දරමුල්ලේ පදිංචි 35 හැවිරිදි තරුණියක් පසුගිය මාර්තු මස 06 වන දින සිට අතුරුදන්ව තිබෙන බවට ඇයගේ දෙමාපියෝ අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.

මෙසේ ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව ඇත්තේ ලසන්තී දිල්රුක්ෂී (35) නැමැති අවිවාහක තරුණියකි.

ඇය බළපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් පසුගිය 06 දා පෙරවරුවේ රැකියාවට යන බව පවසා පිටව ගිය පසු නැවත නිවසට නොපැමිණි බවත් ඇයගේ දෙමාපියන් විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

06 දා රැකියාවට යද්දී ඇය දුඹුරු පැහැති දිගු කලිසමකින් හා රතු පැහැති ටී ෂර්ටර්යකින් සැරසී සිට ඇති බවත් ප්‍රකාශ කරන දෙමාපියෝ එදින ඇය සතුව දුඹුරු පැහැති ගමන් බෑගයක්ද තිබූ බව පවසයි. ඇය පිළිබදව තොරතුරක් වෙතොත් 091-2264026 මගින් අහුන්ගල්ල පොලීසයට හෝ 077 – 2121987 මගින් පතිරගේ කුසුම් කුමාර දේශප්‍රිය නැමැති අයට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටී.

– ජයකාන්ත ලියනගේ

0 views
Main News