මාර්තු 20 තෙක් විමල් යලි රිමාන්ඞ්… අඛණ්ඩව දින 70යි..

March 6, 2017 at 2:10 pm | lanka C news
මාර්තු 20 තෙක් විමල් යලි රිමාන්ඞ්… අඛණ්ඩව දින 70යි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාර්තු 20 වන දින දක්වා යලි රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මන්තී‍්‍ර වීරවංශ රිමාන්ඞ් කල දින වන ජනවාරි 10 සිට මාර්තු 20 තෙක් කාලය දින 70කි.

මන්ත‍්‍රීවරයා අද දිනයේ අධිකරණය හමුවේ කියා සිටියේ තමනට නීතීඥ සහායකින් තොරව අධිකරණයේ පෙනී සිට අදහස් දැක්වීමට උවමනා බවයි. ඒ අනුව මන්ත‍්‍රිවරයා අධිකරණයේදී අදහහස් පල කලේ බන්ධනාගාරයේදී තමනට ඇති ආරක්ෂාව හා නඩුවෙන් තමන්ට සිදුව ඇති අගතිය සම්බන්ධයෙනි.

මේ අතර තමනට ඇප ඉල්ලා මන්ත‍්‍රීවරයා විසින් ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම අනිද්දා දිනයේ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

62 views