මාරාන්තික උපවාස කලානම් අපවත්වීම ස්ථිරයි.. දබර හිමි උපවාසය අත්හැරි හේතුව හෙලි වේ..
November 18, 2018 at 10:40 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් පිටකොටුවේ ආරම්භ කිරීමට සූදානමින් සිටි මාරාන්තික උපවාසය අත්හැර දැමූ හේතුව හෙලිව තිබේ.
කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතා යලිත් අගමැති නොකරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රකාශ කර තිබීම නිසා මෙම උපවාසය අතහැර දමා ඇත.
උපවාසය ආරම්භ කලහොත් සිදුවන්නේ අපවත් වීම හැර අන් යමක් නොවන බව හිමියන්ගේ සමීප හිතවතුන් විසින් පෙන්වා දීම නිසා මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙයි.
අපරාදේ අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා. මේ වගේ ඩොලර් කාක්කෝ ඉක්මනට චුත වෙන්නේ නැනේ…
කෙසේවෙත්තත් ඔබට අපි ඉක්මන් නිවන් සුව ප්‍රාර්ථනා කරමු dollrrrrrrrrr