මාලදිවයිනෙන් ණය ගැනීමේ සූදානමක.. රජය බංකොලොත්..

October 4, 2021 at 3:17 am | lanka C news
මාලදිවයිනෙන් ණය ගැනීමේ සූදානමක.. රජය බංකොලොත්..

අද වන විට මෙම රජය බංකොලොත් වී ඇති බවත් රජයට ඩොලර් නැති බවත් එය අද වන විට රටේ මූලිකම ප්‍රශ්නය වී ඇති බවත් සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් රජය හැම තැනකටම ණය වෙමින් හැමතැනින්ම සිඟා කමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දැනට බංගලාදේශයෙන් ණය ගන්නා රජය හෙට අනිද්දා මාලදිවයින් ද ණය ගනු ඇතැයිද ඔහු පැවසීය.

මේ වන විට මෙරට බැංකු පද්ධතිය තුළද ඩොලර් නොමැති බවත් බැංකු ද බංකොලොත් වෙමින් යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය මත රජයට සිදුවී ඇති එකම දෙය රටේ දේපළ විකුණා දැමීම බවත් ඔහු පැවසීය.

සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

20,133 views

18 Comments to “මාලදිවයිනෙන් ණය ගැනීමේ සූදානමක.. රජය බංකොලොත්..”

  1. Nethmi De silva says:

    මේ එතකොට දත්ත මකපු එක මග හරිනවා නේද?/

  2. saji says:

    kunudatha marana bayin inne bawal penenawa

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    කමක් නෑ බන් පැන්ඩොරා පේපර්ස් වල නම් තියෙනවනේ , ඇෆ්ගනිස්තානය උනත් දෙනවනං ගන්නවා.

  4. සිංහල බන්ඩා says:

    නැවත සෞක්‍ය ඇමති වෙන්න දතාලා ලංකාව බංකොලොත් වෙනකන් බලා ඉන්නවා.

  5. සිංහල බන්ඩා says:

    ණය ඩබල් කල දතාලා නැවත සෞක්‍ය ඇමති වෙන්න ලංකාව බංකොලොත් වෙනකන් බලා ඉන්නවා.

  6. javipe says:

    ලගදීම කොවිඩ් සමග යාමට නියමිතයි. මූනේ සොහොන් ලකුනු පේනවා

  7. සමන්ත says:

    ඇත්තටම බංග්ලාදේශයේ න් ණය නොගෙන මාලදිවයිනෙන් ගත්තා නම් විදේශ රටවල සිටින අයට අපි ලංකාවේ කියලා නම්බුකාර විදිහට ඉන්න තිබුනා මාලදිවයින මොනවා වුනත් ලංකාවට වඩා දියුණු නේ.