මාලදිවයිනේ කැබිනට්ටුව ලංකාවේ රැස්වෙයි…

January 5, 2020 at 3:26 am | lanka C news
මාලදිවයිනේ කැබිනට්ටුව ලංකාවේ රැස්වෙයි…

මාලදිවයින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මේ වසරේ පවත්වන මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් වාර්තාවක් තැබීය. අප වෙත ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව මෙම අමාත්‍ය මණ්ඩල හමුව ජනවාරි 01 දින පැවැත්විණි. එය පවත්වා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකදීය.

මේ සඳහා මාලදිවයින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩල ප්‍රධානී ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන්ද කැටුව අහුන්ගල්ලට පැමිණ තිබේ. ඔවුන් සඳහා එකී හෝටලයේ විශේෂ පහසුකම් සහිත කාමර 27ක් වෙන්කර තිබිණි.

මෙම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 20 දෙනාගෙන් 7 දෙනෙක්ම කාන්තාවෝ වෙති. එරට ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේද කාන්තාවක වීම විශේෂයකි. ඇය උසා මරියා අහමඩ්ය. මාලදිවයිනේ නීතිපතිවරයාද කැබිනට් සාමාජිකයකු වීම තවත් විශේෂත්වයකි.

මෙම කැබිනට් සාමාජිකයන් මෙරටට පැමිණ නිවාඩුවක් ගතකරන අතරතුර අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. මාලදිවයින් කැබිනට්ටුව නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයට ශ්‍රී ලංකාවේ ඇමැති ආරක්ෂක අංශයෙන් විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබිණි.

– deshaya

28,424 Viewers

10 Comments to “මාලදිවයිනේ කැබිනට්ටුව ලංකාවේ රැස්වෙයි…”

  1. Edward Theophilus says:

    It is an excellent move Sri Lanka to promote tourism business. Maldives had been a friend and closer land to Sri Lanka since Vijaya’s embarkation to the country. Sri Lanka and Maldives can reconsider joining together as one nation.

  2. Roy says:

    මේ මොකාටද එන්න හදන්නේ? පරිස්සම්වෙන්න ලංකා ආන්ඩුව! දැනටමත් ලංකාවේ මිලියන ගණනක හොර මුස්ලිම්ලා ඉන්නවා හොර ජාතික හැදුනුම්පත් හදාගෙන, ජන්දෙත් දානවා.

  3. හාවා says:

    තව ටික කාලයක් තිබුන විදිහට තිබුන නං දෙවෙනි වාර්තාව සිරි ලංකාවට !

  4. Lanka says:

    Sign of normality. “Attorney General is a member”. Respect for the law. They are ahead of us.

  5. damian says:

    ඉතින් ශෝක්නේ. දිගටම මෙහේ ඉන්න කියමු.
    මොල්දිවියන් කාරයෝ කොහොමත් උන්ගෙ වැඩ කරගන්නේ ල්ංකාවේ තමයි.
    අපේ පුරවැසියන්ට දෙන සියලු සුභ සාදක සේවා උන් ඒ මිලටම භුක්ති විදිනවා. මුස්ලිම් ලෙස රජයේ ඉස්පිරිතාලෙට යනව.
    ලමයි ඉගෙන ගන්නෙත් මෙහේ. ඒ වියදම් මෙහෙන් ම හොයනවා.

  6. GAJABA WALIMUNIDEWA says:

    This is fine. Absolutely no problem. BUT it has been noticed for some years now that maldivian activities have been on the rise. Being too good and receptive have backlashed several times in our history. What I say is let them educate their children, receive medical facilities etc here in Sri Lanka but government must keep an eye and monitor their activities. After all they all ….. and brotherhood could come onto play. Try to understand; try not to be understood.

  7. Wickaramabaukarunaratne says:

    Nun harak yamu. Habai Muslim kiyala hamadema nikan karaganna balanawa. Ape buruwo nidi

  8. Rider says:

    This is good for SL. But from Maldives point of view, who’s paying for their extravaganza for the entire cabinet to spend holidays in luxury hotels in SL?

  9. Niru says:

    Looks like a branch office of Yahapalanaya is still active in Maldives

  10. ලක්වැසියා says:

    පස්සෙ කාලෙක මුස්ලිම්කරණය උනාට මාලදිවයිනේ ඉන්නෙත් සිංහල මිනිස්සුලු. මාලදිවයින් භාෂාව වන දිවෙහි බස හැදිල තියෙන්නෙත් සිංහල භාෂාවෙන්ලු.