මාලිංග නැතත් අපි World Cup ගහනවා.. අස්වන නොවෙන එක එයාගෙ වැඩක්.. ලෝක පුජිත ක්රිඩකයෙකුට හොද නායකයෙක් වෙන්න බෑ..- ක්‍රිකට් සභාපති
April 18, 2019 at 3:07 pm | lanka C news
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි එහි සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.
2019 ලෝක කුසලානය සඳහා කරන ලද ක්‍රිකට් සංචිතය එළිදැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස සභාපතිවරයා මේ බව කියා සිටියේය.
මාලිංග ලෝක පූජිත ක්‍රිඩකයන් බවත් ඒ වූ පමණින් හොඳ නායකයෙක් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් තවදුරටත් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
මාලිංග ඉවත් වුවද ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකාව තරග වදින බවද ඔහු තව දුරටත් කීය.
එම මාධ්‍ය හමුවේදීම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග හොද නායකයෙකුද වන බවයි.
kawda me shammi pakis buruwa
අර්ජුනල අරවින්දල සනාල දරදිය ඇදල උඩට ගත්ත ක්‍රිකට් කෑව මුන්. ඔය තේරීම් කමිටුවෙ දැන් කෝට් ඇදගෙන් නිව්ස් කන්ෆරන්ස් තියන උන් ඉස්සර අතේ සතේ නැතුව හිටපු කැලනි හිගන්නො. අර්ජුනල අරවින්දල දුක් විදින කාලෙ මේ එක බල්ලෙක්වත් හිටියෙනෑ. බෝලෙකට ගහගන්න බැරිඋන් තේරුම් කමිටුවලට ආවහම් ඔහොම ටීම් සිලෙක්ට් කරන එක ගැන අපි එච්චර පුදුම වෙන්න දෙයක් නෑ