මාලිංග නායකයා කරනවාට කණ්ඩායමේ බහුතරයක් විරුද්ද වෙති.. මැතිවුස් නායකත්වය ගන්න බෑ කියයි..

April 18, 2019 at 11:20 am | lanka C news
මාලිංග නායකයා කරනවාට කණ්ඩායමේ බහුතරයක් විරුද්ද වෙති.. මැතිවුස් නායකත්වය ගන්න බෑ කියයි..

ලබන මස අග භාගයේ දී එංගලන්තයේදී ආරම්භ වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මුහුණදීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කර ඇත.

ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පත්කිරීම සිදු කර ඇත්තේ ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට පත්කරනවාට කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් යිරෝධය පල කිරීම නිසා බව වාර්තා වෙයි.

මාලිංගගේ නායකත්වය යටතේ ක්‍රීඩාව කිරීමට ක‍්‍රීඩකටන් වැඩි පිරිසක් අකමැත්ත පළ කර ඇතැයිද සදහන්ය.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද ලෝක කුසලාන තරගාවලියේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද දැනගන්නට තිබේ.

දිනේෂ් චන්දිමාල්ද ඊයේ දිනයේ වන තෙක්ම ලෝක කුසලාන සංචිතය සඳහා නම් කර නැති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්ව යටතේ දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ පසුගියදා මෙරට පැවති අන්තර් පලාත් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දස්කම් අනුව බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

110 views
Main News