මාලිංග ක්රිකට් පිටියෙන් සමුගන්න තීරණය කරයි…
August 30, 2017 at 6:28 am | lanka C news
සංචාරක ඉන්දීය එක්දින කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අතරතුරදී ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමු ගනු ඇති බව වාර්තා වෙයි.
මේ වන විට එක්දින කඩුළු 299ක් ලබා සිටින මාලිංග තවත් එක් කඩුල්ලක් ගෙන කඩුළු 300ක් ගත් පසු සිය සමුගැනීම නිවේදනය කරනු ඇතැයිද පැවසෙයි.
ඉන්දීය කණ්ඩායම සමග වූ තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව ඇති අතර එහිදී ඔහු කඩුළු 300 සම්පුර්ණ කරනු ඇතැයි විශ්වාසය පල වෙයි.