මාලිගාවත්තේ පාතාලය ක්රියාත්මකයි.. මහ මගදි වෙඩි තබයි.. බරපතල වූ දෙදෙනෙක් රෝහලේ..
August 29, 2017 at 12:40 pm | lanka C news
අද පෙරවරුවේ මරදාන මාලිගාවත්ත ප්රදේශයේදී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තත්වයෙන් ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටි වයස 26 හා 20ක් වූ තරුණයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා තිබේ.
පාතාල කල්ලියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කෙරේ.