මාලු වාඩියකින් කොකෙන් තොගයක් අත්අඩංගුවට…

August 27, 2019 at 2:05 am | lanka C news
මාලු වාඩියකින් කොකෙන් තොගයක් අත්අඩංගුවට…

මන්නාරම වංකාලෙ ප්‍රදේශයේ ධීවර වාඩියක සඟවා තිබූ කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 983 ක් තිබී නාවක හමුදාව සහ මන්නාරම පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරුමැද නාවකයට අයත් නිලධාරීන්ට සහ දූෂණ මර්ධන ඒකකය වෙත ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වංකාලෙයි ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියක අයිතිකරුවෙකු නොමැති අදාල කොකේන් තොගය අත්අඩංගුවට ගනු ලැබූ අතර කොකේන් තොගය පොලිතීන් උරයක ඔතා ලිබුණි.

අදාල කොකේන් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවටත් අදාල ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද හමුවූ කොකේන් තොගය වැඩි දුර විමර්ශන වෙනුවෙන් වංකාලෙයි පොලීසිය වෙතට භාර දුන් බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23 views
Main News