මාලු වෙළෙඳපොළත් වසා දමයි… මාලු වෙළෙන්ඳන් 08කට ඇතුලු 17 කට කොරෝනා….

March 10, 2021 at 5:30 pm | lanka C news
මාලු වෙළෙඳපොළත් වසා දමයි… මාලු වෙළෙන්ඳන් 08කට ඇතුලු 17 කට කොරෝනා….

මන්නාරම මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට ඇතුලු 17 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වීමත් සමග මාළු වෙළඳපොළ තාවකාලිකව අද (10) දිනයේත් වසා දැමීමට පියවර ගෙන ඇතැයි මන්නාරම සෞඛ්‍ය පරික්ෂ කාර් යාලය පවසයි.

මන්නාරම මාළුවෙළඳ පොළේ සිටි වෙළෙන්ඳෙක් පසුගියදා දුම්රිය අනතුරකින් මිය යාමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී එම වෙළෙන්ඳාට කොරෝණා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මන්නාරම මාළු වෙළඳපොළේ සිටි සියලුම පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරන ලදි.

එහිදී මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් 08 දෙනෙකුටද පිටස්තර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකුටද කොරෝණා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඊයේ සහ අද (10 ) දිනයන්හි මන්නාරම මාළු වෙළඳසැල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

මාළු වෙළඳපොළේ වෙළෙන්ඳන් ඇසුරුකරන ලද පුද්ගලයින් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකරමින් සිටින අතරම මන්නාරම වෙළඳපොළද විෂබීජහරණය කිරීමෙන් පසුව ආරක්ෂාව තහවුරු කොට නැවත විවෘත්ත කිරීමට පියවර ගන්නා බවටද මන්නාරම සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,999 views
Main News