මාල හොරුන්ට දෙනොදාහක් මැද පහර දී ලයිට් කනුවක ගැටගසා පොලීසියට භාර දෙයි..
November 5, 2017 at 3:00 pm | lanka C news
වව්නියාව තාණ්ඩික්කුලම් අයියනායර් හින්දු කෝවිල ඉදිරිපිටදී 04 වනදා සවස කාන්තාවකගෙන් රන් මාලයක් කඩා ගැනීමට උත්සහ දැරූ දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් අල්ලා පහර දී පසුව වව්නියාව පොලීසියට භාර දී ඇත.
අයියනායර් හින්දු කෝවිල ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කාන්තාවකගේ රන් මාලයක් කඩා ඇති අතර එම අවස්ථාවේදී එය දුටු වැසියෙකු විසින් යතුරුපැදි කරු අල්ලා බිම දමා ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පිරිස් විසින් මාල සොරුන් දෙදෙනාට පහර දී අසල පිහිටි විදුලි කනුවක බැඳ සැකකරුවන් හා යතුරුපැදියද වව්නියාව පොලීසියට භාර දී ඇත.
වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාල සොරුන් දෙදෙනා කලක සිටම වව්නියාවේ කාන්තාවන්ගෙන් මාල කඩා ඇති බවටත් ඉතා සූක්ෂමව මේ පිරිස් විසින් මාර් වල ගමන් කරන කාන්තාවන්ගෙන් රන් මාල කඩා පලා යන කල්ලියක් බවටත් ප්රදේශවාසීන් විසින් වව්නියාව පොලීසිට පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 06 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අදාල රණ් මාල කල්ලියේ තවත් පිරිස් පිළිබඳවද වව්නියාව පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රට කාපු බැංකු හොරැන්ගෙ ටයි කෝට් ගලවලා දෙනෝදාහක් මැද්දෙ දෙන්න ඕනෙ බොකු දොට්ට පනින්න ඔන්න ඔය විදිහටම.
Is that Rohitha gone to Vavniya?
Okunta oluwata wedi thiyanba ona
බැ0කු හොරුන්ව light post වල ගැට ගහන්නේ කවදද ?
RK. &. RW.
MAHA DAWAL CLEEN SUIT ADAGENA BANKU MANKOLLA KAPU PARA YAN NIDALLA.
May be Rohitha Abeygunawardana