මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

December 27, 2018 at 12:01 am | lanka C news
මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..

මෙහි දැක්වෙන්නේ හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියකි.

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා වැනසූ පුද්ගලයාට වහා නිසිදඩුවම් ලබා දෙන්න.

පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රථිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොලිසිය වෙත භාර කළ පුවතක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වී තිබුණි.

ඉනික්බිතිව ප්‍රදේශවාසීන් විසින් හා ගරු ස්වාමින් වහන්සේලා අප වෙත එකී තරුණයා මුදා හැරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් සකස් කරන්නේ යැයි චෝදනා ඉදිරිපත් කොට තිබේ.

සමස්තයක් ලෙස ගත් කල්හි රටක් ලෙස සමගියෙන් සහජීවනයෙන් ජීවත්විය යුතු මොහොතක මෑතකාලීනව සිදු වූ විවිධ කළහකාරී සිද්ධීන් හමුවේ විවිධ ජනකොටස් අතර ඇති වී ඇති නොසන්සුන්තාවයන් ද සැලකිල්ලට ගනිමින් වගකිව යුතු අංශ හා රටේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම ඇති ඔබතුමන් වහා මෙකී ක්‍රියාවලියේ දී වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කළ යුතුව ඇතැයි තරයේ විශ්වාස කරමු.

ඉතා සුළු කණ්ඩායමක් සිදු කරන සිදුවිම් වලින් සමස්ථ ජන කොටස් අතරම ජනවාර්ගික  හා ආගමික ගැටළු ඇති විමට හේතුවන්නේය.

මීට වසර කීපයකට පෙරද මෙවැනි සිදුවිම් මාවනැල්ල ආශ්‍රිත සිදු වු බව අප සිහි තබා ගත යුතය. එහි දී බුදු පිළිම පමණක් නොව ජිවිත ද විනාශ විය. මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කරන ලද්දේ ද මුස්ලිම් තරුණයෙකුවීම සුවිශේෂි කාරණයකි.

රටේ නීතිය හා සාමය කඩකරන්නවුන්ට වහා දඩුවම් පමුණුවන්නටත් නැවැත එවැනි ක්‍රියා සිදුනොවන්නට වග බලාගන්නටත් කටයුතු කළ යුතුය. මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් ඒ තුළින් සමස්ත සමාජය තුළ කිසියම් ආකාරයකින් ජාතීන් අතර ගැටුමක් දක්වා වර්ධනයවීම වැළැක්වීමටත්, මෙම පුද්ගලයන්ට විරුද්ධව නීත්‍යානුකුලව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමන් හා ආරක්ෂක අංශ වහා මැදිහත්වනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කරමු.

බුදුගල ජිනවංස හිමි
සභාපති

176 views

6 Comments to “මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කර ඇතතේ මුස්ලිම් තරුණයෙකු වීම සුවිශේෂි කාරණයක්..”

  1. Suren says:

    Sinhala Buddhists in Mawanella should get together & not vote Kabir Hasheem as a protest irrespective of politics. MahaSanga should advise all Buddhists in the region not to vote for this Muslim. We have to stand together forgetting our politics otherwise we won’t have a country to do politics.

  2. Lester says:

    This day and age the entire world is talking about sustainability. Has any politicians of Sri Lanka genuinely thought about the sustainability of peace and harmony in Sri Lanka particularly in the light of this cruel behavior of so called minorities. Isn’t the Sustainabilty of Sinhala race a big question that entire world should pay attention ???

  3. සිංහලුන්ගේ රටට ලෝකේ මහජාතින් දෙකක් වන දෙමල සහ මුස්ලිම් මනිස්සු ඇවිත් ලෝකේ සුලු ජාතියක් වන සිංලුන්ට තියෙන වදයක් තොපි ආ දිහාවකට පලයව්කො වදනොදී…

  4. සිංහල බන්ඩා says:

    ගමක නගරයක හෝ පලාතක බහුතරය මුස්ලිම් නම් එහි ඉස්ලාමීය නීතිය රජ කරය්. ප්‍රතිමා (idol) කැඩීම කුරාණයේ සහ හදිත් සහ සුන්නා පොත් වල සඳහන් ඉස්ලාමීය නීතියය්. එය එදත් අදත් ඕනෑම රටකට වලංගුය.

  5. Mahi says:

    This is an organized crime.
    Catch the mastermind.
    ? May be a Minister.

  6. Dev says:

    Diviya loke giyama lassa ganu hambawenawa kiyana mithya adahilla nisa ada tharunayan mewani deyata yomu wenawa

Main News