මාවනැල්ලේ බුදු පිලිම දෙකක් කඩයි.. කබීර් හෂීම්ට චෝදනා..

December 24, 2018 at 2:10 pm | lanka C news
මාවනැල්ලේ බුදු පිලිම දෙකක් කඩයි.. කබීර් හෂීම්ට චෝදනා..

මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ රන්දිවෙල හා මහත්තේගම යන ප‍්‍රදේශවල මං සන්ධි දෙකක ඉදි කර තිබු බුදු පිළිම දෙකකට හානි කිරිමේ සිද්ධියක් ඊයේ 23 වාර්තා වු අතර මෙ සම්බන්ධයෙන් එජාපයේ මාවනැල්ල ආසන බල මණ්ලයේද ප‍්‍රසිද්ධ වේදිකාවේ කතා බහට ලක් වු අතර ඔවුන් පැවසුයේ එජාපයට මඩ ගැසිමේ පටු අරමුණකින් මෙම කටයුත්ත සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩි දුර පරික්ෂණ සිදු කරමින් පවතින අතර මෙලෙස හානි සිදු වි ඇති රන්දිවෙල හන්දියේ බුදු පිළිමය හා මහත්තේගම මිරිස්කුඩු හන්දියේ බුද්ධ ප‍්‍රතිමාවේ බුද්ධ ප‍්‍රතිමාවේ සිරස පෙදෙසයේ මුහුණ නාසය ඇතුලූ කොටස් කඩා තිබුණි.

මෙම බුදු පිළිම කඩා දැමිම හරහා එක්සත් ජාතික පක්ෂයට එජාපයේ පක්ෂ මහ ලේකම් කබිර් හෂිම් මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් සිදු කර ඒ හරහා එජාපයේ ඉදිරි ගමන් මග කඩා කප්පල් කිරිමට රටට බොරු ප‍්‍රචාරයක් ගෙන යෑමට මෙම කටයුත්ත කර ලද ක‍්‍රියාවක් විය හැකි බව මාවනැල්ල ආසන බල මණ්ඩල රැස්විමේ කථාවක් සිදු කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසීය.

‘මාවනැල්ලේ බුදු පිළිම විනාශ කරලා තුනක් ස්ථාන තුනක ඉතින් මෙ වැඩෙන් වෙන පණිවිඩයක් රටට දෙන්න උත්සාහ කරනවා. මොකද්ද මේ මෙ රටේ මුස්ලිම් නායකයෙක් ඉන්නවා නම් සිංහල මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන ඒ කබිර් හෂිම් මැතිතුමා එතුාමට මඩ ගැසිමට මෙම රැස්විමට මඩ ගැසිමට මෙම කටයුත්ත කරපු දෙයක් විය හැකියි.

මෙහිදි අදහස් දැක්වු මාවනැල්ල ප‍්‍රදේශය නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මෙසේද පැවසීය.

එජාපයේ මෙ ගමන ඉවසා ගන්න බැරි සුළු අවස්ථාවාදින් කිහිප දෙනෙක් ඉන්නවා. ඊයේ ? වටේට ගිහින් බුදු පිළිම කිහිපයකට හානි කරලා ඒ වැඬේ මෙ පක්ෂයේ වැඩක් කියන තත්වයට දාන්න තරම් පටු වෙච්ච ජාතිවාදියෝ ටිකක් ඉන්නවා. ගරු අමාත්‍යතුමාගෙන් මං ඉල්ලූවා මෙක සි.අයි.ඩි එකට භාර දිලා විශේෂ විමර්ශනයක් කොට මෙ කරපු උන් ටික ජනතාව ඉදිරියේ ධන ගස්වන්න ඔනෑ.

බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහින්දගෙවත් පොහොට්ටුවේවත් තව කාගෙවත් නොවෙයි. අපිත් හොඳ බෞද්ධයෝ එජාපය තමයි බුද්ධ ධර්මයට මුල් තැන දුන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශය ඇති කලේ අපි මෙ වාගේ පහත් වැඩ කරන මිනිස්සු නොවෙයි පක්ෂයක් නොවෙයි ඒ නිසා මෙ වැරදි කරපු අය ජනතාවට ඉතා ඉක්මනින් දැන ගැනිමට හැකි වෙයි’

– සමන් විජය බණ්ඩාර

296 views

18 Comments to “මාවනැල්ලේ බුදු පිලිම දෙකක් කඩයි.. කබීර් හෂීම්ට චෝදනා..”

  1. Dayani says:

    It has come to the extent that these kind of vicious acts are happening all over the country.!! Who ever did this carnage will get repercussions, without fail.!!!
    Destroying other people’s religious places/statues/archeological places, are a henious crime.!!!!!!

Main News