මාවනැල්ලේ සභාපති වෙන දේශපාලඥයන් නොකරන වැඩක..

June 23, 2019 at 12:40 pm | lanka C news
මාවනැල්ලේ සභාපති වෙන දේශපාලඥයන් නොකරන වැඩක..

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා විසින් දේශපාලඥයෙකු විසින් සිදු නොකරන ලද ක‍්‍රියාවක නිරත වන අයුරු මාවනැල්ල නගර මධ්‍යයේ සිදු වන අයුරු කැමරා කාචයේ මෙලෙස සටහන් විය.

තම නිවසේ සිට උදෑසන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාව වෙත නිල වාහානයේ පැමිණෙන විට නගර මධ්‍යයේ කිසියම් වාහන තදබදයක් සිදු වි ඇති අයුරු නිරික්ෂණය වු සභාපතිවරයා දුටුවේ ත‍්‍රිරෝද රථ රියදුරෙකුගේ වාහනයක පිටුපස රෝදයේ සුළං බැස ඇති අයුරුයි.

රියදුරා එම රෝදය මාරු කර ගැනිමට නොහැකිව විදින අපහසුතාවය දුටු සභාපතිවරයා ඒ අසලට පැමිණ ඔහුගේ රෝදය මාරු කර ගැනිමට ඔහුට උදව් විය.

එම කුලි ත‍්‍රිරෝද රථ හිමියාටද එය අදහා ගත නොහැකි සිද්ධියක් වුවාසේම වට පිට සිටි බොහෝ දෙනෙකුද සභාපතිවරයාගේ එම ක‍්‍රියාව අගය කරමින් කථා කරන අයුරු දැක ගත හැකි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

88 views
Main News