මාවනැල්ල පොලිසිය වටලා දැවැන්ත විරෝදතා..

November 7, 2021 at 3:00 pm | lanka C news
මාවනැල්ල පොලිසිය වටලා දැවැන්ත විරෝදතා..

මාවනැල්ල පොලිසිය බලා සිටියදි මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායමට මේ වන තෙක් නිතීය ක‍්‍රීයාත්මක කොට අත්අඩංගුවට ගැනීම සිදු නොවු බව පවසමින් අද 07 විරෝධතාවයක් මාවනැල්ලේදි පැවැත්විය.

කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ ගුරුවරුන් 900 කට වැඩි පිරිසක් ඊට සහභාගි විය. උදෑසන 10 ට පමණ මාවනැල්ල මේඬේරිගම විද්‍යාලය අසලින් ආරම්භ කරන ලද විරෝධතාවය එතන් සිට කිලෝමිටර් හතරකට ආසන්න දුරක් විරෝධතා බැනර් පොස්ටර් ප‍්‍රදර්ශනය කරමින් කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ කොළඹ දක්වා දිවෙන මංතීරුව දිගේ පැමිණ මාවනැල්ල පොලීසය වටලමින් විරෝධතාවයට එක් විය.

මාවනැල්ල පොලිසිය ඉදිරිපිටට පොලිසිය පැමිණිමත් සමග පොලිස් ස්ථානයේ ප‍්‍රධාන ගෙට්ටුව වසා පොලිස් ස්ථානයේ ආරක්ෂාව තර කර තිබෙන අන්දම දැක ගත හැකි විය.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලං මහතාද විරෝධතාවයට එක්ව සිටිනු දක්නට ලැබුණි.

ඔවුන් සියලූ දෙනා ඉල්ලා සිටියේ පසුගිය 03 වැනි දින මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ ගුරු දෙමාපිය විරෝධයට බාධා කොට මැර තර්ජනය සිදු කර ගුරුවරුන්ට ගැසීමට කොට තර්ජනය කර පොදුජන පෙරමුණේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති කේ.ජි පියතිස්ස මහතා ඇතුලූ එම ප‍්‍රාදේශිය සභාවේ එම පෙරමුණේ මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද නොකර සිදු කරන ලෙසයි.

පසුව වසා තිබුණු මාවනැල්ල පොලිසියේ ගෙට්ටුව බිමේ රැුඳි සිටි මාවනැල්ල පොලිස් ස්ථානාධීපති ඇතුලූ උසස් පොලිස් නිලධාරීන්ට ඔවුන් පවසා සිටියේ උප සභාපතිවරයා ඇතුලූ පිරිසගෙන් කට උත්තරයක් ලබා ගෙන ඔවුන් අත්අඩංගුවට නොගෙන කරන ලද ක‍්‍රියාව වැරදි සහගත බවයි. දේශපාලන බලපෑම් සහ වෙනත් බලපෑම් වලට යටත් නොවි නිතීය ක‍්‍රියාත්මක කරන ලෙස පොලිසියෙන් ඔවුන් එහිදි ඉල්ලා සිටින ලදි.

මේඬේරිගම පාසලේ විදුහල්පතිවරයාට තර්ජනය කිරීම නිසා ඔවුට හදවත් අමාරුවක් සැදී මේ වන විට මාවනැල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පොලිසිය වෙත විරෝධතාවයට එක්වු ගුරුවරුන් පැවසීය. සාමාන්‍ය ජනතාව හෝ වෙනත් කෙනෙකු අතීන් මෙවැනි වැරදි සහගත දෙයක් සිදු වුවානම් ඊට නීතීය ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක වන බවයි. ඔවුන් අත්අඩංගුවට ගන්නේද ගුටි බැට දී බවද පැවසු අතර මහජන කැලබීමක් වන මෙවැන් කටයුත්තකට මෙතරම් ප‍්‍රමාදයක් මන්දැයිද විමසීය. එමෙන්ම රාජකාරි ස්ථානයකට ඇතුලූ වි කරන ලද තර්ජනය නින්දිත ක‍්‍රියාවක් බවද ඔවුන් පැවසීය. එවැනි දේශපාලඥයින්ට මාවනැල්ල පොලිසිය සැලියුට් ගසන බවත් සීනා මුසු මුහුණින් එවැනි මැරයන් දෙස මාවනැල්ල ස්ථානාධිපතිවරයා බලා සිටි බවද ඔවුන් පවසන්නට විය.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් දින උසාවියට කරුණු වාර්තා කර අදාල සිද්ධීය සම්බන්ධයෙන් නිතීය ක‍්‍රියාත්මක කරන බවද උසස් පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන්ට පවසා සිටින ලදි. එහිදි පොලිසිය වෙත විරෝධතාකරුවන් පැවසුයේ අදාල සිදු විම් වල සියලූ විඩියෝ පට මෙන්ම සිසිටිවි විඩියෝ ඇති බැවින් ඊට නිතීය ක‍්‍රියාත්මක කරන ලෙසයි.

විරෝධතාවයට එක් වු ගුරුවරුන් පවසා සිටියේ මෙයට නිතීය ක‍්‍රියාත්මක නොවුන හොත් පාසල් වසා දැමිමට තින්දුවක් ගන්නා බවයි. ඊට මෙතන ඉන්න උසස් පොලිස් නිලධාරීන් වග කිය යුතු බවද ඔවුන් වැඩි දුරටත් පැවසීය.

ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලං

අපි මෙතනට ඇවිත් ඇසුවේ එක ප‍්‍රශ්නයයි. මෙ පොලිසිය මාවනැල්ල ජනතාවගේ පොලිසියද නැත්නම් අර මැර පියතිස්සගේ පොලිසියද කියලා විතරයි. පොලිසියේ ස්ථානාධිපතිවරයා සාක්කුවට අත දාලා සීනා වෙවි බලා සිටියදි. මේ රටේ ගුරුවරුන්ට දෙමාපියන්ට පහර දිලා තර්ජනය කරලා පොන් උදුරලා කරන්න ඔනෑ සියලූ දේවල් කරලා යනවා. ස්ථානාධීපතිවරයා සහ පොලිසියේ අනික් නිලධාරීන් උඩ බලාගෙන ඉන්නවා.

අපි විශාල පිරිසක් පොලිසිය ඉදිරිපිටට ඇවිත් මේ කතා කරලා කියන්නේ වහාම ඔය පියතිස්ස කියන මැරයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න කියන කාරණයයි. අද මේ පොලිසියේ ලොකු මහත්වරුන් සියලූ දෙනා කතා කරලා කියනවා. හෙට ඔවු උසාවියට ඉදිරිපත් කර මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව ඒ නිසා අපි පැහැදිලිව කියනවා නිතීය අකුරට ක‍්‍රීයාත්මක කරන ලෙස. අපි දන්නවා සාමන්‍ය සිද්ධීයක් ඇති වුනාම මහජන කැලබිම් ඇතිවෙන බව පවසමින් උසාවියට කරුණු වාර්තා කරන පොලිසිය පසුගිය තුන් වැනිදා සිට හත්වැනිදා වෙනකම් මාවනැල්ල පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන් නිදියාගෙන ඉන්නවා.

මේ රටේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන් මේසා අපහාස කරන ලද පුද්ගලයන් දිහා බලා සිටිනවා අපි දන්නවා මේ පුද්ගලයා කවුද කියලා. මේඬේරිගම පාසල ඉදිපිට මේ පුද්ගලයාගේ මාළු කඩයක් තියෙනවා ඒ මාළු කඬේට විතරක් බද්දක් නැහැ මාවනැල්ලේ සියලූ මාළු කඩ මස් කඩ වලට බදු ගහනවා. මේ උප සභාපතිට විශේෂ වරප‍්‍රසාද.

අපි කියනවා හෙට දිනයේ මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ගැනිම සිදු නොකල හොත් අනිවාර්යෙන් අපි ගන්න පුළුවන් උපරිම ක‍්‍රියාමාර්ග ගන්නවා. අපි දැක්කා අර පාලිත කියන ඇම්බැට්ටයා ගුරුවරුන්ට කතා කරපු අන්දම මෙවැනි මැරයන් ආරක්ෂා කිරිමද මාවනැල්ල පොලිසියේ සහ ශ‍්‍රී ලංකා පොලිසියේ කාර්ය භාර්ය මේකද ? හෙට දිනය බලා ගෙන අපි ඉන්නේ නැතිනම් ඉදිරියට අපේ සැලසුම් ක‍්‍රියාත්මක කරනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ

අද අපි මාවනැල්ලට ආවේ සරත් විරසේකර උඹ උඹේ පොලිසිය කියපං මේ මැරයේ මේ ගවයෝ බැද තබන්න කියලා කියපං කියන්න තමයි අද මාවනැල්ලට ආවේ. අපි අද මාවනැල්ලට ආවේ ගෝඨාභය රාජපක්ෂ උඹට කියන්න. උඹේ තක්කඩියෝ ටික මේ පොලිසියට කියලා බැද දාපං කියලා කියන්න. අද අපි මාවනැල්ලට ආවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි උඹ උඹලාගේ මේ ජඩ දේශාපලකයෝ ටික බැද දාපං කියලා කියන්න. එහෙම නැතිනම් මේ රටේ ගුරුවරුන් මේ රටේ විදුහල්පතිවරුන් ඒ වැඬේ කරන්න සුදානම් යැයිද පැවසීය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

69,746 views

17 Comments to “මාවනැල්ල පොලිසිය වටලා දැවැන්ත විරෝදතා..”

  1. sana says:

    මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ කණ්ඩායමට atha nothabanu….
    sisu daruwan wenuwen sudusu piyawarak gaththe owun witharai….

Main News